
තෙවැනි චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන්, දෙවැනි එලිසබත් මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇතැයි බකිංහැම් මාළිගාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුවය.
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ පැවැත්වෙයි. එම අවස්ථාවේදී නවීකරණයට ලක් කළ මෙම කිරුළ ඔහුට පැලැඳවීම සිදුවෙයි.
කිරුළ හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වඩ් කිරුළ යනුවෙනි. රාජභිෂේකයෙන් පසු එය නැවතත් ලන්ඩන් කුලුනේ දැඩි ආරක්ෂාව සහිතව තැම්පත් කෙරෙනු ඇත.
බකිංහැම් මාලිගාව පවසා ඇත්තේ, ලබන 2023 මැයි මාසයේ පැවැත්වෙන තෙවැනි චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් ලන්ඩන් කුලුනෙන් ඉවතට ගෙන මෙම කිරුළ නවීකරණය ආරම්භ කර ඇති බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැජිණියගේ අභාවයෙන් පසු මේ ඔටුන්න කෞතුකාගාර විය යුතුයි..! චාර්ල්ස් රජතුමාට ඔයා පළඳින තොප්පිය හොඳටම ප්‍රමාණවත්...!!!