කේට් හා විලියම් දෙපළ තම දෙවන දරුවා බලාපොරොත්තුවෙන් පසුවන බව දැනුම් දී සති තුනක් ගතවන විට ලොව පුරා වැසියන් මෙම උපදින්නට සිටින දරුවාට තබන නම ගැන ඩොලර් දහස් ගණනින් ඔට්ටු අල්ලමින් සිටියි.
බොහෝ දෙනා අනුමාන කරන්නේ දෙවන දරුවාට ඩයනා කුමරියගේ නම සම්බන්ධ කරගෙන නමක් තබනු ඇති බවයි.
ඩයනාගේ ජීවිත කතාව ලියූ ඇන්ඩෘෘ මෝටන් පවසන්නේ උපදින දරුවා ගැහැණු දරුවකු වුවහොත් ඇයට එළිසබෙත් ඩයනා වින්ඩ්සර් යන නම තබනු ඇතැයි යනුවෙනි.
විලියම්ගේ මව වූ ඩයනා කුමරියට ගෞරව පිණිස මෙවැනි නමක් තබනු ඇතැයි ද වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයනා කුමරියට කරන ගෞරවයක්. (ස)
මට අදහන්න බැරි කරුණක් තමයි,තවමත් මේ ලෝකේ රජවරු,රැජින හා රාජධානියි තිබෙන එක.(දී)
ඔට්ටු අල්ලන්න නොදන්න මිනිස්සු (දී)
අපිට මොකද අනේ ඒගොල්ලන් ඕන නමක් දා ගත්තාම?සමහරු අපේ එවුන්ට දාපු නමවත් කියන්නේ නැහැ.අපේ එවුන්ගේ . හැඩේට, පාටට , උසට , මහතට ගැලපෙන වෙනත් නම් දාන්න නම් අපේ ගම්වල මිනිස්සු හරි රුසියෝ. චුට්ට, චුට්ටි, බෝලේ, කළුවා, රත්ත, සුද්ද, පතෝලය,දිගන්චි, බට්ට වගේ නම්.(දී)
තවමත් එංගලන්තය අපිට නෑදෑයෝ නේ (දී)
අශ්වයෝ දුවවලා මුළු ලෝකයටම ඔට්ටු අල්ලන්න පුරුදු කල රටක් නිසා උපදින්න සිටින කුමරියගේ නමට ඔට්ටු අල්ලන එකත් රේස් කප්පිත්තන්ට වැඩක්ද ? (දී)
ඒ නම හරි ලස්සනයි (දී)
අපෙන් සුබ පැතුම්! (නි)