බ්‍රිතාන්‍යයේ මහ රැජනගේ උපන්දිනය නිල වශයෙන් සමරන ජුනි මාසයේ දෙවැනි සෙනසුරාදා අදින් වසර 31ට පෙර වූ සිදුවීමක් යළි පුනරූපනය වන ආකාරය බ්‍රිතාන්‍ය වැසියන්ට දැකගත හැකිවිය.

1984 දී එලිසබෙත් මහ රැජන සිය උපන්දිනයේ නිල සැමරුම පවත්වන අවස්ථාවේ දී රතු පැහැති රාජකීය ඇඳුමින් සැරසුණු චාර්ල්ස් කුමරු සිය පුත් විලියම් කුමරු වඩාගෙන රජගෙදර සඳළුතලයේ සිටියේය. විලියම් කුමරු එදා හැද සිටියේ නිල් පැහැති රොම්පර් ඇඳුමකි.

මෙවර රැජනගේ උපන්දිනය සැමරූ සෙනසුරාදා 1984 දී චාර්ල්ස් අත සිටි විලියම් කුමරු තම ජෝර්ජ් පුතු වඩාගෙන රතු පැහැති රාජකීය ඇඳුමින් සැරසී සඳළුතලයේ සිටියේ බ්‍රිතාන්‍ය වැසියන්ට වසර 31ක අතීතය අනුස්මරණය කරන්නට මෙනි. එදා විලියම් ඇඳ සිටි ආකාරයටම නිල් පැහැති රොම්පර් ඇඳුමකින් සැරසී සිටි ජෝර්ජ් සඳළුතලයේ දී හැසිරුණේ ද වසර 31ට පෙර විලියම් කටයුතු කළ ආකාරයෙන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එදා විලියම්ගේත් මෙදා ජෝර්ජ්ගේත් වෙනස වූයේ පැළඳ සිටි සපත්තු යුගලයේ පමණි. විලියම් කළු පැහැති සපත්තු පැළඳ සිටි අතර ජෝර්ජ් නිල් පැහැති සපත්තු පැළඳ සිටියේය.

1984 දී චාර්ල්ස් විලියම් දෙදෙනාගේ ඡායාරූපත් 2015 විලියම් ජෝර්ජ් දෙදෙනාගේ ඡායාරූපත් දැන් බ්‍රිතාන්‍ය මාධ්‍ය ඔස්සේ පුළුල්ව ප්‍රචාරය වෙමින් තිබේ.

මෙවර උපන්දින උත්සවයේ විශේෂත්වයක් වූයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සිව් පරම්පරාවම සඳළුතලයේ එක්ව පෙනී සිටීමයි.

00BD8B2D00000190-0-image-m-22_1434235921414 2996C24A00000578-0-image-m-49_1434236947988 29968B8A00000578-0-How_times_change_The_royal_family_pictured_31_years_ago_as_Princ-a-48_1434236860252 29968C5600000578-0-Prince_William_was_a_toddler_in_his_dad_Prince_Charles_arms_when-a-69_1434237971699 29973BAB00000578-0-image-a-25_1434236203753 29993BAB00000578-0-image-m-24_1434236139388 29993BAF00000578-0-image-a-56_1434237419472 2996835B00000578-0-Queen_Elizabeth_waves_from_the_balcony_of_Buckingham_Palace_duri-a-46_1434236851576 2996820700000578-0-image-m-70_1434237977669