IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රෝගයට හේතුව ‘‘සිකා“ දැයි තවමත් තහවුරු වී නෑ

ලොව පුරා පැතිරයන සීකා වයිරසය සමග මිනිසාට වැළදෙන ස්නායු ආබාධ දෙකක් හා දරු උපත් වලදි ඇතිවන ආබාධ අතර සම්බන්ධතාවයක් පවතින්නේ ද යන්න සතිකිපයකින්  ස්ථිරව ම සනාථකර ගත හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

එම සංවිධානයේ සහකාර ජනරාල් මාරි පවුලි කිනි මේ බව ජිනීවා වල පැවති මාධ්‍ය හමුවකදි පවසා තිබේ.

අළුත උපන් ළදරුවන්ගේ හිසේ ප්‍රමාණය එම වයසේ වෙනත් දරුවන්ගේ හිසේ ප්‍රමාණයට වඩා කුඩා වීමේ රෝගය බ්‍රසීලයේ ඉතා වේගයෙන් පැතිරීයාම ට හේතුව මදුරුවන්ගෙන් ඇතිවන සිකා නම් වෛරස් රෝගය බවට සැකයක් පවතී. මේ හේතුවෙන් සිකා සඳහා ප්‍රතිශක්තීකරණය, ඖෂධ නිෂ්පාදනය සහ රෝග හඳුනා ගැනීමේ කටයුතු දියණු කිරිම කෙරෙහි ගෝලීය අවධානය යොමුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනයේ දී ඇමරිකානු විද්‍යාඥයින් සහ ඉන්දියානු තාක්ෂණ විද්‍යා සමාගමක් ඉදිරියෙන් සිටින බවයි. කෙසේ වෙතත් මහා පරිමානයෙන් මෙම එන්නත් චිකිත්සාගාර අත්හදා බැලීමේ කටයුතු සිදුකිරීමට අවම වශයෙන් මාස 18 ක් පමණ ගතවන බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ගැබිනි මවුවරුනට සීකා රෝගය පැතිර යන ප්‍රදේශ වෙත සංචාරය කිරීමෙන් වළකින්නැයි අවවාද කර ඇත. දැනට ලෝකයේ රටවල් 30ට වැඩි ප්‍ර‍මාණයක සීකා වෛරසය පැතිර පවතින බව වාර්තා වෙයි



අදහස් (0)

රෝගයට හේතුව ‘‘සිකා“ දැයි තවමත් තහවුරු වී නෑ

ලලිත් Saturday, 13 February 2016 09:15 PM

ඔය බලන්න. මම කලින් කිවුවා නේද අපේ කට්ටිය ටයි කෝට් දාගෙන පෙළට ඉඳගෙන "අපි රෙඩි ඕනෑම දෙයකට" කියලා මාධ්‍ය සංදර්ශන පැවැත්තුවාට තවම ලෙඩේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැහැ. මේ වගේ කට්ටිය තමයි අන්තිමට ඩියුටි ෆ්‍රී කාර් දෙන්නේ නැහැ කියලා උද්ඝෝෂණ පවත්වන්නේ (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 14 February 2016 12:50 AM

අනේ දැන්කාලේ අහන්න ලැබෙන දේවල් (නි)

:       0       0

දම්මි Sunday, 14 February 2016 03:54 AM

එතකොට මෙච්චරකල් කිව්වෙ බොරුද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site