ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ බිරිඳ නැන්සි රේගන් මහත්මිය අද මිය ගියාය. කැලිෆෝර්නියාවේ පුද්ගලික නිවසේ දී මියයන විට ඇය 94 වැනි වියේ පසුවූවාය. ඇගේ අවසන් කැමැත්ත අනුව දේහය රොනල්ඩ් රේගන් ජනාධිති අනුස්මරණ පුස්තකාලයේ හිටපු ජනාධිපතිවරයාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ ම මිහිදන් කිරීමට නියමිතය.

ඇය හොලිවුඩ් නිලියකි. රොනල්ඩ් රේගන් ද දේශපාලනයට පිවිසීමට පෙර නළුවකු ලෙස කටයුතු කළේය. ඔහු මියයනවිට මේ දෙදෙනාගේ විවාහ ජීවිතයට වසර 52ක් ගත වී තිබිණි.

The_Reagan_Library_memorial_site_where_President_Reagan_was_buried