IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


රෙගේ ගායක ජිමී ක්ලිෆ් සමුගනී

ලොව කාගේත් ආදරය දිනූ සම්මානනීය රෙගේ ගායක ජිමී ක්ලිෆ් දිවි ගමන අවසන් කළේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81 කි. ජැමෙයිකාවේ රෙගේ සංගීතය ලොවට දායාද කළ සුපිරි ගායකයකු ලෙස ජිමී ක්ලිෆ් සැලකෙයි. 

ජිමී ක්ලිෆ් අවසන් සුසුම් හෙළුවේ, ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර ඔහුගේ නිවසේදීය. ජිමී ක්ලිෆ් මියගිය පුවත ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා විසින් ප්‍රසිද්ධියට පත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ජිමී ක්ලිෆ් ලොව පුරා අතිශය ජනප්‍රිය වූයේ ‘අයි කැන් සී ක්ලියර්ලි නව්’ සහ ‘මෙරි රිවර්ස් ටු කොස්’ යන නමැති ගීතවලිනි. රෙගේ සංගීතය ඇමෙරිකාවට හඳුන්වා දීම සිදුවුණු බව පැවැසෙන්නේ 1972 වසරේ තිරගත වුණු ‘ද හාඩර් දේ කම්’ චිත්‍රපටෙයනි. මෙම චිත්‍රපටයේ ජිමී ක්ලිෆ් ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය.

ජිමී ක්ලිෆ් 1944 වසරේ උපත ලැබුවේ, ජේම්ස් චේම්බර්ස් යන නමිනි. ඒ, ජැමෙයිකාවේ ශාන්ත ජේම්ස් නුවරදීය. ඔහු ගායනයට යොමු වූයේ අවුරුදු හයේදීය. ගායකයකු ලෙස සාර්ථක වෙද්දී, ක්ලිෆ් 1965 දී ලන්ඩන් නුවර පදිංචියට ගියේය.



අදහස් (0)

රෙගේ ගායක ජිමී ක්ලිෆ් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 158 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1095 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site