රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණින් අත් අහිමි කර ගත් දෙදෙනෙක් ස්පාඤ්ඤයේ සිටිති.
පළමු පුද්ගලයා සිය දකුණත රිය අනතුරක් හේතුවෙන් අහිමිවුණේ යැයි පැමිණිලි කර තමන් ලියාපදිංචිව සිටි රක්ෂණ සමාගම් 12 කින් පවුම් විසි ලක්ෂයකට ( රුපියල් 398000000 ) කට ආසන්න මුදලක් වන්දි ලෙස ලබා ගැනීමට සැළැසුම් කර තිබී ඇත.එහෙත් ඔහුගේ තුවාලය හදිසි අනතුරකින් සිදුවූවක් නොවූ බවට සැක සිතූ රක්ෂණ සමාගම් කර ඇත්තේ වෛද්‍යවරුන් පිරිසක් ලවා තුවාළය පරීක්ෂා කරවීමයි.එහිදී මේ ශල්‍ය වෛද්‍යවරයකු කියා සිදුකරගත් ‘‘සැත්කමක්‘‘ බව හෙළිව ඇත.
දෙවැනි පුද්ගලයා රක්ෂණයේ පවුම් 600,000 ක (රුපියල් 119400000) මුදලකි.එය පළමුවැන්නාට වඩා සැළැකිය යුතු මට්ටමින් අඩු ගණනකි. ඔහු සිය අනතුරට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ විදුලි කියතකින් සිය අත මුළුමනින් කැපී ගිය බවයි.එහෙත් පෙරසේම වෛද්‍යවරුන් පරීක්ෂා කළ විටදී හෙළිව තිබෙන්නේ සැත්කමක් ආධාරයෙන් අත කපා ගෙන ඇති බවයි.
උද්ධමනය හා රැකියා විරහිත භාවය ඉහළ ගොස් ඇති ස්පාඤ්ඤයේ මෙවන් සිදුවීම් මේ දිනවල සුලබය.වෙනකක් තියා ස්පාඤ්ඤ මාෆියාවද රක්ෂණ වන්දි වංචනික ලෙස ලබාගැනීමේ කි‍්‍රයාවලියට එළැඹ ඇත.ඒ සදහා ඔවුන් කරන්නේ තම තමන්ගේ රථවාහන හප්පාගෙන වන්දි මුදල් සදහා අයැදුම් කිරීමයි.මේ සියල්ල හමුවේ සැබෑ සිදුවීම් හා ව්‍යාජ සිදුවීම් එකිනෙකින් වෙන්කර ගැනීම තමන්ට මහත්ම ගැටලූවක් බවට පත්ව ඇතැයි රක්ෂණ සමාගම් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ආත්මභාවයක් ලබාගැනීම දුෂ්කරය.එසේම එසේ ලබාගත් මිනිස් ආත්මභාවය රැකගැනීමද දුෂ්කරය.කල්ප කෝටි ගණනකින් සදහම් දෙසන්නෙකු සොයාගත නොහැකි බැවින් සදහම් ඇසීමද දුෂ්කරය.බුදුවරුන් කප් කෙල සුවහස් ගනනකිදුත් ලොව පහල නොවන නිසා බුදුවරුන්ගේ ඉපදීමද දුෂ්කරය. (නි)
ලෝක විනාශය අත ළඟ. (නි)
සදරුවන් බුදු හාමුදුරුවෝ ස්පාංඥයේ ඉපදුනේ නැනේ. මෙතන ප්‍රශ්නේ සදහම් නෙවේ ආර්ථික ප්‍රශ්න. ලංකාවේ වකුගඩු විකුනනවා වගේ තාම.(නදී)
මුරුගන්, මම බුදු බන පදයකින් මිනිසත් භවේ වටිනාකම කියා දෙනකොට ඔයා වගේ පව්කාරයෝ ඒකට හරස් වෙනවා. ඒක ලෝක සොභාවය. ලොව්තුරා බුදු වරු පහල වෙනකොට දෙවදත්තලත් ඉපදෙනවා.(නදී)
ඔයා හරි සඳරුවන්. ඔය මුරුගන්ලාටයි මොහමඩ්ලාටයි අපේ බුදුගුණ වල අගේ දැනෙන්නේ නැහැ. ඔය දිට්ට ධම්ම වේදනීය කර්මය තමයි පල දෙන්නේ, අපි වගේ දුප්පත් රටවල් ආක්‍රමණය කරලා හොරාගත්ත දේවලින් තමා අද ඔය යුරෝපය පොහොසත් වෙලා තියෙන්නේ. එදා අපිට කරපු දේවල් වලට තමා ඔය වන්දි ගෙවන්නේ. මුරුගන් ඔයා මතක තියා ගන්න ඉන්දියාවේ තරම් ලංකාවේ අය වකුගඩු විකුනන්නේ නැහැ කියලා. (නි)