මව් කුසින් උපත ලබා ටික වේලාවකට පසු වෛද්‍යවරු විසින් මියගිය බවට තීරණය කරන ලද දරුවකු විනාඩි අටකට පසු පළමුවරට හුස්ම ගනිමින් හැඩීමත් සමග බොහෝ දෙනා සතුටට පත්වූහ.
දරුවාගේ මව නිකිටා පෙරෙයිරා පවසන්නේ සිය පුතු මියගොස් ඇතැයි වෛද්‍යවරු පැවසූ මොහොතේ ලෝකයම කඩා වැටුණාක් සේ දැණුනු බවයි.
‘‘මට සියළු බලාපොරොත්තු අහිමි වුණා. නමුත් මගේ පුතා මොහොතකින් අඬද්දී මට මගේ ජීවිතය ලැබුණා. මගේ දෑසෙන් සතුටු කඳුළු වැගිරුනා. “ යැයි ඇය කියයි.
ප්‍රසූතියට පැය 28 කට පෙර ඇය හදිසි සිසේරියන් අංශය වෙත රැගෙන ගියේ ඇයගේ දරුවාගේ හෘද ස්පන්දනය දුර්වල වෙමින් පවතින්නේ යැයි වෛද්‍යවරු තීරණය කිරීමත් සමගිනි.
වෛද්‍යවරුන් විසින් දරුවා ගර්භාෂයෙන් ඉවතට ගන්නා ලදී. නමුත් ඔවුන්ට පෙනීගියේ අළුත උපන් මෙම ලදරුවා හුස්ම නොගන්නා බවයි.
මිනිත්තු අටක් ගතවු පසු වෛද්‍යවරුන් තම දරුවා මියගොස් ඇති බව ප්‍රකාශයට පත්කල බව පෙරෙයිරාට ඇසී තිබිණි. .
නමුත් එක් ඇසිල්ලකින් දරුවා ඇඩීමට පටන් ගන්නා ලදී.
‘‘මගේ දරුවාට දැන් වයස අවුරුදු දෙකයි මාස හයක් වෙනවා. සෑම දිනකම මා හට දැනෙන්නේ මොහු හාස්කමක් බවයි. මා ගැබ්ගෙන සිටිය දී කිසිදු වේදනා නාශකයක් භාවිතා කළේ නැහැ. නමුත් මට යම් යම් සංකූලතා තිබෙන බව කීමෙන් මට හිතුනා කුමන ආකාරයක හෝ වරදක් මෙහි ඇතැයි කියා. “
ෂියා නමින් හඳුන්වන මේ දරුවා තම ජීවිතය දැඩි අවදානමකින් ඇරඹුව ද දැන් සෞඛ්‍ය සම්පන්නව සතුටින් කාලය ගත කරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් අයෙක් මිය ගිය බව වෛද්‍ය වරයෙක් සනාථ කල යුතුයි. එසේ වෛදයවරයා විසින් මරණය සනාථ කරන්නේ ස්වසනය නිරුද්ද වී පැය දෙකකට පසුවයි (අ)
දියණිය, නුඹට ජීවිතය ,සතුට, වාසනාවෙන් පිරි නිරෝගිමත් ජීවිත කාලයක් ප්‍රර්ථනා කරමි (නධී)
බොහෝ පුවත් වල සිද්දිය වැදගත් උවත් සිදුවූ රට සහ ප්‍රදේශය නොදමන නිසා එහි අගය අඩුවීමක් ඇත. මෙහිදීද සිදුව ඇත්තේ එයයි. ලංකාදීප මෙය ගැන සලකා බලන්න. (නදී)
චන්දන, මේ දියණියක් ගැන නෙමෙයි කියා තියෙන්නේ, පුතෙක් ගැන (නි)