යාහු අන්තර්ජාල සමාගම ඇමෙරිකාවේ වෙරිසෝන් ආයතනයට විකිණීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවේ සන්නිවේදන යෝධයා ලෙස හදුන්වන වෙරිසෝන් ආයතනය ඩොලර් බිලියන පහක්  ඒ සදහා වියදම් කර තිබේ. යාහු සේවාව එම ආයතනය විසින් ගිය වසරේදී මිලදී ගත් ඒ.ඕ.එල් අන්තර්ජාල සේවාව සමග එක්ව ගෙන යාමට සැලසුම් කර තිබේ. එම ගනුදෙනුවේ වටිනාකම 2008 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය විසින් යාහු සේවාව සදහා යෝජනා කළ මුදලටත් වඩා අඩු මුදලක් වීම විශේෂත්වයකි.

මසකට බිලියන ගණන් සක්‍රිය පරිශීලකයන් සිටින එම සේවාව මිලදී ගැනීම හොද ගනුදෙනුවක් බව වෙරිසෝන් ආයතනය පවසයි . කෙසේවෙතත් මෙම ගනුදෙනුවට යාහු ආයතනයේ වටිනා කොටසක් වන අලිබබා අන්තර්ජාල සේවාව ඇතුලත් නොවන බව සදහන් වේ.