ක‍්‍රිස්තුන් වහන්සේගේ කුරුස ගමනේදී උන්වහන්සේ අවසන් වරට ඇඳ සිටි ශුද්ධ වූ වස්ත‍්‍රය (දණහිස දක්වා දිග බැනියමක් වැනි ලෝගුවක්) මහජන ප‍්‍රදර්ශනය සඳහා අපේ‍්‍රල් මස 10 වැනි ඉරු දින දක්වා පැරීසියට නුදුරු ආර්ජොන්තොයිල් නගරයේ පිහිටි ශාන්ත ඩෙනියස් කතෝලික දේවස්ථානයේ තැන්පත් කර ඇත.

වසර 50 කට වරක් මහජනයාට දැක බලා ගැනීමට සුදානම් කළ මෙම වස්ත‍්‍රය අවසන් වරට 1984 දී මහජන ප‍්‍රදර්ශනය සදහා තබා ඇත. ඊළඟ මහජන ප‍්‍රදර්ශනය වර්ෂ 2034 ට යෙදී ඇති නමුදු ඉහත දේවස්ථානයට වසර 150ක් පිරීම නිමිත්තෙන් මෙය ප්‍රදර්ශනය කැරේ.

කතෝලික බැතිමතුන් විශාල පිරිසක් පුද පූජා පවත්වමින් මෙම අවස්ථාවට සහභාගි වන අතර දේවස්ථානය හා ඒ අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇත.

”ශ්‍රී වස්ත‍්‍රය කඩා ඉර දමා දාදු දැමූ සේක” යනුවෙන් බයිබලයේ සඳහන් වන්නේය. ඒ අනුව උන්වහන්සේ කුරුසිය දක්වා යන ගමනේදි එතැන සිටි සොල්දාදුවෝ උන්වහන්සේගේ මෙම වස්ත‍්‍රය ලබා ගැනීම සඳහා ඔට්ටු ඇල්ලීමට දාදු කැටයක් උපයෝගි කර ගෙන ඇත. අවසානයේ එම වස්ත‍්‍රය හිමිකර ගත් සොල්දාදුවා විසින් එම ශුද්ධවූ වස්ත‍්‍රය ආරක්ෂා කොට ඔහු සන්තකයේ රැක බලා ගත් අතර පසු කළ ඊශ‍්‍රාලයෙන් අතුරුදහන් වූ මෙම වස්ත‍්‍රය 9 වැනි සියවසේ වර්ෂ 800 දී යුරෝපා මහද්වීපය පාලනය කළ චාර්ල්මාන් අධිරාජ්‍යයා අතට පත්වී ඇතැයි කියති.

චාර්ල්මාන් අධිරාජ්‍යයා වර්ෂ 800 සිට වර්ෂ 814 දක්වා මුළු යුරෝපයම පාලනය කළ අධිරාජ්‍යයා වූ අතර වර්ෂ 800 දෙසැම්බර් මස 25 වැනිදා එවකට සිටි තුන්වන ලියෝන් පාප් වහන්සේ අතින් ඔටුනු පළඳවා අභිෂේක ලැබුවේය.

එකල යුරෝපයේ ජීවත්වූ කතෝලික සභාවකට ඔහු විසින් එය තෑගි කරන ලද අතර අවුරුදු 1200 ක සිට ඉහත සඳහන් පැරීසියට නුදුරු දේවස්ථානය පිහිටි ප‍්‍රදේශයේ ස්ථානයක තැන්පත් කළේය.

1789 ප‍්‍රංශ විප්ලවය සිදුවු අවස්ථාවේ ඉහත දේවස්ථානයටද අලාභ හානී සිදුවු අතරම මෙම වස්ත‍්‍රයටද හානි සිදු විය. එබැවින් විප්ලවයෙන් පසු සොයා ගත් මෙම වස්ත‍්‍රයේ කොටස් වෙනත් ඇඳුමක ආකෘතියකට අලවා ඉතාමත්ම ආරක්ෂාකාරි ලෙස රැක ගනිමින් මෙම දේවස්ථානයේ තැන්පත් කොට ඇත.

saluwa_201648_______--_____ saluwa_201648______2____ saluwa_201648______3___ saluwa_201648______4___ saluwa_201648______5___