
ඉකුත් දින කිහිපයේදී යුරෝපයේ රටවලින් දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එයි‘දැඩි විමසිල්ලට’’ කරුණක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය සඳහන් කරයි.
කෙසේ නමුත් වයිරසයේ උච්ඡතම කාලය ලෙස සැළෙකන අප්‍රේල් මාසයේදී දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හා සැසඳීමේ දී දැන් තිබෙන තත්ත්වය පාලනය කරගත හැකි යැයි ද එම කාර්යාලය පෙන්වාදෙයි.
‘‘යුරෝපයේ වේගයෙන් වෙනස් වෙමින් තිබෙන වසංගත තත්ත්වය දැඩි විමසිල්ලකට කරුණක්. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. රෝහල් ගත කරන පිරිසත් ඉතා වැඩියි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් පී. ක්ලූජ් මාධ්‍ය හමුවක් අමතමින් කීය.
‘‘වැඩිම මරණ ගණනක් වාර්තා වන පස්වැනි රෝගය බවට මේ වනවිටි කොවිඩ්-19’ වයිරසය පත්ව තිබෙනවා. ඒ වගේම කොවිඩ්-10’ වයිරසය හේතුවෙන් දෛනිකව මරණ 1,000ක් ද වාර්තා වෙනවා’’ යැයි හෙතෙම කීය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd