IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුරොපයේ ළමයින්ට අන්තර්ජාල වාරණයක්

ලබන වසරේ සිට යුරෝපයේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල පණිවිඩ යැවීම තහනම් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව දරුවන්ට කිසිදු ලෙසකින් ෆේස්බුක් වෙත ඇතුල්වීමට හා අන්තර්ජාල පණිවිඩ හුවමාරු ක්‍ර‍ම භාවිතා කිරීම තහනම් කිරීමට තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

මෙයට හේතුවී ඇත්තේ යුරෝපයේ ළමයින්ගේ අන්තර්ජාල භාවිතය හා එයින් සිදුව ඇති අහිතරක බලපෑම් පිළිබද අධ්‍යයන කරමින් විද්වත් කමිටුවක් විසින් ලබාදුන් නිර්දේශ කිහිපයකි.

මේ දක්වා යුරෝපයේ රටවල අන්තර්ජාල ක්‍රියාකාරකම් සදහා අනුමැතිය ලබාදෙන වයස වන්නේ අවුරුදු 13 කි. ඒ අනුව තව නොබෝ දිනකින් එම වයස අවුරුදු 16ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇත.



අදහස් (0)

යුරොපයේ ළමයින්ට අන්තර්ජාල වාරණයක්

හේසාන් Friday, 18 December 2015 11:40 PM

තාක්ෂණයේ දියුණුව වගේම පරිහානියකුත් ඇත. ඇමෙරිකා යුරෝපා ජාතීන් සහ චීන ජපන් ජාතීන්ද තාක්ෂනය අතින් පෙරමුණේ ඉන්නේ. ඕනෑම දෙයක හොඳ වගේම නරක පැත්තකුත් තිබෙනවා. නරක දේ ඉක්මනින්ම ළංකර ගන්න එක මනුෂ්‍ය ස්වභාවය. දැන් ඒකේ ආනිසංස ලැබිලා තියෙන්නේ. දෙමව්පියන් නොදන්නා බොහෝ දේ දරුවන් දන්නවා. ඒ වගේම මේවායින් ඉතා හොඳ, ඉගෙනීම සඳහා ප්‍රයෝජන ගන්න ළමයිනුත් ඉන්නවා. මේවා දැන් ජීවිතයට අත්‍යාවශය දෙයක් වෙලා ඉවරයි. පාලනය කරන්නන් පුළුවන් නම් හරිම අගෙයි. (නි)

:       0       0

සොපි Friday, 18 December 2015 11:59 AM

අන්තර්ජාල භාවිතයට ළමයිව යොමු කිරීමට තරම් අපේ සමාජය පරිණත නොවන බව ලාංකික සමාජ විද්‍යාඥයෙක්ද පවසා තිබුණා. ,දියුණු යයි කියාගන්නා රටවලත් මෙහෙම නීති රීති පනවනවානම් අප ගැන කවර කතාද ? වහාම අපත් මේ පිළිවෙත් අනුගමනය කල යුතුයි . (ර)

:       0       0

ශ්‍රියානි Friday, 18 December 2015 01:07 PM

ලංකාවේ ඉක්මනින්ම මෙය කල යුතුයි. ඇයි බලන් ඉන්නේ.? (ර)

:       0       0

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Friday, 18 December 2015 01:50 PM

යුරෝපීය ජාතිකයන් මුලිකව මේවා ලොවට හඳුන්වා දුන්නට එහි ඇති හොඳට වඩා නරක ඉස්මතුවේගෙන එන බව දැන් දැන් එයාලටම තේරෙන්න අරන් වගේ. මෙවන් හොඳ දේවල් අපේ රටටත් ආදේශ කරගැනීමට තවත් පමාවිය යුතු නැහැ. ඒත් නොමිලේ සමහරු කැමති වේවිද දන්නේ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 December 2015 06:32 AM

බොහොම හොඳ තීරණයක් හැබැයි යුරෝපෙට විතරක් නෙවෙයි පුලුවන්නම් මුළු ලෝකෙටම බලපාන විදියට මේක කලොත් අපේ දරුපරපුර බේරගන්න පුළුවන් (ම)

:       0       0

දිලිප් Friday, 18 December 2015 07:47 AM

අපේ විද්වත් කමිටුවලින් කියන ඒවා කවුරුත් අහන්නේ නෑනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 518 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site