19 වැන සියවසේ ලෝප්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ප්‍රංශයේ අගනුවර පැරීසියේ ෂේන් ගංඟාවේ දෙවුර එක්කළ බොහෝ පෞරා‚ක පාලම් නැපෝලියන් පාලන සමයේ ඔහුගේ අධික්ෂණයෙන් සිදුවූ ඉදිකිරීම්ය. පැරීසියට කිලෝමීටර 60ක පමන දුරකින් පිහිටි ෆොන්තැම්බ්ලූ මාලිගාව ඔහුගේ ස්ථීර නිවහන විය. අද මෙම මාලිගාව සෑම දිනකම සංචාරකයන් ගෙන් පිරී ඉතිරී ඇති සුවිශේෂි කෞතුකාගාරයකි. නැෆෝලියන් අධිරාජ්‍යයා දෛනික ජීවිතයේ භාවිතා කළ සියලූම දැ අද එහි ප්‍රදර්ශනයට තබා ඇත්තේය.
පසුගිය නොවැම්බර් 16 වැනිදා එම මාලිගාවේදි නැෆෝලියන් බොනපාර්ට් භාවිතා කල සමහර සිහිවටන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණී ගියේය. එහිදී ඔහු පැළඳි හමුදා හිස් වැසුමක් (තොප්පියක්) යුරෝ දහ අට ලක්ෂ අසුහතර දාහකට (රුපියල් කෝටි 30144000) වෙන්දේසි විය. තුන් ඈවරවූ අතර පැර‚ කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකු වූ දකුණු කොරියා ජාතික ධනපතියෙක් එය මිලදී ගත්තේය. දකුණු දිග ප්‍රංශයේ මොනාකෝ නොහොත් මොන්ටිකාලෝ නම් කුඩා රාජ්‍යයේ ඇල්බට් කුමරු මොනාකෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබු මෙම හිස්වැසුම එදින වෙන්දේසි පොළේ ගරු ගාම්භීර ලෙස තැන්පත් කර තිබුනි. වර්ෂ 1870 හා 1949 අතර මොනාකෝ රාජ්‍යයේ දෙවන ලූවී රජු හෙවත් වර්තමාන ඇල්බට් කුමරුගේ මුත්තා විසින් මිලදී ගෙන එම රජ මාලිගාවේ තැන්පත් කර ඇත. මෙවැනි හිස් වැසුම් 19ක් විවිධ රටවල කෞතුකාගාර වල ඇත්තේය. විවිධ හැඩැති හිස් වැසුම් 120ක් පමණ ඔහු භාවිතා කර ඇති අතර එම සියල්ල හිස්වැසුම් සදහා ලෝසුපතල ප්‍රංශයේ මෙයිසොන් පූෆාර්ඩ් ආයතනයේ නිපැයුම්වේ.
වර්ෂ 1769 අගෝස්තු 15 වෙනිදා ගි‚කොන දිග ප්‍රංශයේ පිහිටි කෝස් දුපතේ ඇජැක්ෂියෝ ග්‍රාමයේ උපත ලද නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදාවේ ජෙනරාල් වරයෙකි. 1804 දෙසැම්බර් මස 02 වෙනි දින පැරීසියේ සුප්‍රසිද්ධ නෝත්‍ර ඩාම් කතෝලික දේවස්ථානයේදී හත්වන පියේ පාප් වහන්සේ විසින් නැපෝලියන්ට ඔටුනු පළඳවා රාජ්‍ය ප්‍රධානියා ලෙස අභිෂේක කැරිණි. ඉක්බිතිව වසර 9යි මාස10 දින 19ක් යුරෝපය හෙල්ලූ රණකාමි නැපෝලියන් 1821 මැයි මස 05 වැනි දා සාන්ත හෙලේනා දුපතේදි අවසන් හුස්ම හෙළීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉතින් කොහෙන්ද මෙච්චර සල්ලි තොගයක්? තොප්පියක් ගන්න තියා ජීවත්වෙන්නවත් අපිට සල්ලි නැහැ (නි)
මේ තෝප්පියේ නෙමේ වටිනාකම තියෙන්නේ, දාපු කෙනාගේ. නැපෝලියන් කියන්නේ ඉතිහාසයේ හමුවන විචිත්‍ර චරිතයක්. ඔහුගේ යුද්ධවල අවසන් ප්‍රතිඵලය තේරුමක් නැතිවුනාට ඔහු සැබෑ හැකියාවන් තිබුණු කෙනෙක්. (හේ)
මේ තෝප්පියේ නෙමේ වටිනාකම තියෙන්නේ, දාපු කෙනාගේ. (හේ)
හැම නිතරම අපිට සල්ලි නැහැ කියන්නේ කම්මැලි කමට නිදා ගන්න මිනිස්සු තමා.උනන්දුවක් තියෙනවනම් ඕනෑම දෙයක් ජයගන්න පුළුවන්.දේශපාලනයට බැන බැන හිටියට මොකුත් ලැබෙන්නේ නැහැ.(අ)
අපේ ලංකාවේ කැඩුණු සපත්තු කුට්ටමකට මීට වැඩි ලංසුවක් ලැබුණා නේද? (නි)
මගේ අම්මෝ! මෙච්චර ගානකට තොප්පියක්? මොනවා වුණත් රජෙකුගේ තොප්පියක්නේ, නේද? (නි)
ඇත්තටම හුගක් වටිනවා. එත් අපේ රටේ මීට වඩා වටිනා දේවල් තියෙනවා මේ විදියට විස්තර කරලා දාන්නකෝ අපිට කියවන්න බලන්න (ස)
කරුණාරත්න, ඒ තොප්පිය සාමාන්‍ය ඇසින් බැලුවොත් රුපියල් 200/=ක් විතර කියන්න පුළුවන්? එහෙත් ඒ දෙස අපි මනසින් බලා රාජකීයෙකුගේ කියන අභිමානයෙන් ඉතිහාසය දෙස දෑත දිගුකළොත් වටිනාකම ඊටත් වැඩියි කියලා කියන්න පුළුවන්. (නි)
මේ තොප්පිය මෙච්චර වෙනවද?(හේ)