2014 දී ප‍්‍රථම වරට යුරෝපයේ ලක් කුමරියෝ පැරීසියේ දි තෝරාගනු ලැබුහ.මෙවර පැවැත්වෙන්නේ එහි තෙවැනි සැණකෙළියයි.එම ලක් රූ රැජිණ තෝරා අභිෂේක ලබන තෙවැනි උත්සවය ලබන 30 වෙනි ඉරුදින සවස පැරීසියේ දි පැවැත්වේ.
මේ සදහා ප‍්‍රංශය,එංගලන්තය,ඩෙන්මාර්කය,ස්වීඩනය.බෙල්ජියම,මොන්ටිකාලෝ, නොර්වේ,නෙදර්ලන්තය,ඉතාලිය,ජර්මනිය හා ස්විට්සර්ලන්තයේ තරගකාරියන් 18 දෙනෙක් අවසාන තරගයට ඉදිරිපත් වී සිටිති.
සංගීත කණ්ඩායම් සමග සංගීත ලොවට පිවිසි ශ්‍රී ලංකා ගායක අතුල අධිකාරි,යෞවන පරපුරේ ගායක චින්ති යන කලා ලොවේ තරු හා පැරීසියේ තිසරාවි හා ජයමිණි කලායතනයේ නර්ථන එදින වේදිකාගත වීමට නියමිතය.
මෙම උත්සවයේ ප‍්‍රථිලාභ ශ්‍රී ලංකාවේ මහනුවර මහා රෝහලේ පිළිකා රෝගීන්ගේ සුබ සාධනය සදහා යෙදවේ. එම අංශයේ නව වාට්ටු සංකීර්ණයට අවශ්‍යය කරන අංග සම්පූර්ණ නවීන පුටු 25ක් ලබාදීම මෙම උත්සවයේ ප‍්‍රධාන අරමුණ වන්නේය.
මෙම උත්සවයට සමගාමිව පසුගියදා මුහුරත් උළෙලක් පැවැත්වූයේය.ශ්‍රීලංකා තානාපති එහි ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුයේය.
එහිදී ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතා හා පැරීසියේ වෙසෙන ප‍්‍රියන්ත වික‍්‍රමසුරිය මහතා එදින ම එවැනි පුටු දෙකක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වු අතර නුවන් පෙතියාගොඩ,සුසන්ත හා ජයන්ති වැලිකන්න යුවළ,ජෙරාඞ් සිල්වා,රොෂාන් තුෂාරි කිරිඇල්දෙනිය යුවළ ,රොයිස්ටන් ප‍්‍රනාන්දු,රවීනා වීරසිංහ ඇතුළු පවුලේ සැම,ඉන්දික,ජයන්ත,ෂොන්නාද සිල්වා යුවල,ජයමිණි කලායතනයේ ආචාර්ණී සුජීවා විජේසුරිය,සිරස වෙළඳව්‍යාපාරයේ අධිපති පීරිස් මහතා ඇතුළු පිරිස පුටු 12ක් පරිත්‍යාග කර ඇත.ඒ සියලූ දෙනාට ම ගෞරවාන්විත ව ස්තුතිය පුදකරන බව එහි සභාපති සනත් මහාතා පැවැසීය.ඉහත ව්‍යාපෘතිය සදහා පැරීසියේ ප‍්‍රංශ ලංකා සුභසාධන සංවිධානය පුරෝගාමිව කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලතුංග පැරිස් මිනිස්සු මුලාවේ නොදමා ඇත්ත කියන්න ...අතුල ...සමිතා . එනවාද ..ටිකට් එක යූරෝ 20 යි (බ)
පිං කරන්න තරඟ පවත්වන්නේ නැතුව හිත පිරිසිදුවෙන් කරන්න . ප්‍රසංගයේ අරමුණ හොඳයි .අපේ රටට කරන උපකාරයක්නේ . (ම)
ප්‍රසංගය සාර්තකයිලු රෝහලට පුටු 200ක් වත් දෙයිද .? (අ)
මිස් යුරෝපා හරි ලස්සනයි. සියලු දෙනාට දෙවියන් වහන්සේගේ පිහිටයි!
මහනුවර පිළිකා රෝහලට පුටු 200 ක් ලැබෙනවා නම් හොදයි.(සඳු)
චමින්ද පැරිස් පුටු 200 ක් දෙනවට අපිත් කැමතියි .(සඳු)
අනේ සාදු!
නිකම්ම නිකන් විසූක දස්සන පමණක් නම් පෙන්නන්න එපා කියලයි අපි ඉල්ලන්නේ (නි)
සිල්වා අයියා පැරිස් ඔයා කියන විදියට නම් පැරිසියේ තියෙන හැම සංවිධානයකම ඔය ප්‍රශ්නය තියෙනවා .ඔය ඕනෑම සංවිධානයක අස්සට ගිහිල්ලා බලන්න ,පුහු අාටෝප ,සරුව පිත්තල වැඩ ,ඛේදවාචක , යටි මඩි , මඩ ගැහිලි , කැපිලි කෙටිලි ,විරුද්ධ වැඩ, තරග වලින් අඩුවක් නැහැ . සිල්වා අයියා ඔය කියන මවුබිමට හමුදා සංවිධානයත් ඒ කලදසාවම තමයි . දැන් තියන්නේ ඒවගේ නටඹුන් පමණයි .(බ)
පැරිස් අපේ කට්ටියට පින් කරන්න ඔය එක එක සංවිධානවල දේවල් වලට යන්න ඕනෙද .? ඕව ඊයේ පෙරේදා හැදුනේ . පැරිස් වල අපේ කට්ටිය කරන පින් පේස්බුක් , පත්තරවල , ඊමේල් ,වල නොදැම්මට .හොදට පින් කරනවා .(බ)
කුරේ අයියා පැරිස්, මේවා ඔයා කියන ෆේස් බුක්, ඊ මේල් පිංකම් නොවේ. එහෙම ඒවත් පැරීසියේ තියෙනවා. පැරීසියේ සමහරු පිං කරන හැටිත් අපි නොදන්නවා නොවේ. (නි)
මේ සන්දර්ශනයට අතුලයි, සමිතයි එනවා කියන්නේ ඇත්තද?
මහේෂ් පැරිස් . ඔයාලා තමයි යුද්දෙදි අපේ මවු බිමට හමුදාවට ගොඩාක් උදව් කල අය ඔයාලා කවදාවත් යටිමඩි ගහ ගත්තේ නෑ. වෙනත් සංවිධාන විනාසකරලා ඒවාවල මිනිස්සු ඔයාලා එකට ගත්තේ නෑ (අ)
මෙන්න පිං ලබාගැනීමට කැමති අයට පිං අතේ හොඳ වැඩක් (නි)
ප්රංශ ලංකා සුභසාධන සංවිධානය කවදත් රටට වැඩදායක වැඩක් කරන සංවිධානයක්. ඒක අපට ලොකු ආඩම්බරයක් (නි)
මොනවාහරි දෙයකින් රටට වැඩක් නම් වෙන්නේ, කෙස් වලු පටලවාගන්නේ නැතුව, එකාට එකා මඩ ගහගන්නේ නැතුව එකමුතු වෙලා රටට දෙයක් කරන්න අදිටන් කරගන්න (නි)
රෝහල් සඳහා අරමුදල් එකතු කරන එක හොඳයි. නමුත් නම් ප්‍රචාරය කරගන්න කරනවා නම් එ්ක හොඳ මදි. (නි)
ප්රංශයේ ඉන්න අයට පිනක් කරගන්න හොඳ අවස්ථාවක් (නි)