ඉතාලිය බලා යාත‍්‍රා කරමින් තිබූ අනවරස සංක‍්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් 500 දෙනෙකුවත් මියගොස් ඇතැයි සරණාගතයින් පිළිඹද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ගී‍්‍රසිය ආසන්න මුහුදේ පාවෙමින් තිබූ තවත් බෝට්ටුවක සිට සොයාගත් අනවසර සංක‍්‍රමණිකයින් පිරිසකගෙන් ලැබුණු තොරතුරු වලට අනුව මේ බව සොයාගැනීමට හැකිවූයේයැයි එම කාර්යාලය කියයි.
ලැබී තිබෙන තොරතුරු වලට අනුව ලිබියාවේ සිට ඉතාලිය බලා සංක‍්‍රමණිකයින් පිරිසක් රැගෙන යාත‍්‍රා කරමින් සිටි ජාවාරම්කරුවෝ පිරිසක් මුහුද මැදදී වෙනත් යාත‍්‍රාවකට එම සංක‍්‍රමණිකයින් පිරිස නැංවීමට උත්සාහ කර ඇත.
එම යාත‍්‍රාවේ ඒ වන විටත් සංක‍්‍රමණිකයින් පිරී සිට ඇති තවත් අය නංවද්දී බර දරාගත නොහැකිව එය ගිලී ගොස් තිබේ.
මියගොස් ඇති පිරිස 500 ක් පමණවත් වන බව අනුමාන කෙරේ.
දිවිගලවාගනු ලැබූ සංක‍්‍රමණික පිරිසට ගී‍්‍රසියේ රැකවරණය ලබාදීමට බලධාරීන් කටයුතු කර ඇත.37 දෙනෙක් ඔවුන් අතර සිටින බව සඳහන්ය.
වසර කිහිපයක සිට යුරෝපය අනවසර සංක‍්‍රමණිකයින්ගේ ගැටලූවකට මුහුණදී සිටින අතර බලධරයින් කුමන පියවර ගත්තද මේ දක්වාම විසඳුමක් සොයාගැනීමට හැකිව නොමැත.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපය බලා එමින් සිටි සංක‍්‍රමණිකයින් 500 ක් මරුට
තමර Friday, 22 April 2016 02:54 AM
අසරණකමටනේ මේ මිනිස්සු මෙහෙම එනවා ඇත්තේ. පවු! (නි)
කනිෂ්ක Friday, 22 April 2016 03:59 AM
යුරෝපයේ මිනිස්සු බොහොම හොඳයි. අන්න එතනයි වරද.
කුමාර් Sunday, 24 April 2016 07:24 PM
නැතුව අසංක, ඉන්දියාවට පකිස්තානයට යන්නද? අනේ යනවා නම් හොඳ රටකට යන්න ඕනෑ. (නි)
අසංක Sunday, 24 April 2016 06:56 AM
තමර පුදුම අසරණකමක් , මෙයාල යන්න කැමති යුරෝපයේ රටකටම පමණයි. (ර)