යුරෝපයට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගතවුණු දින 10 ඇතුළත යුරෝපා රටවල දහස් ගණනක් දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත.
උණුසුම් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයට, පෘතුගාලයට, ප්‍රංශයට, ඉතාලිය, ග්‍රීසිය සහ මහා බ්‍රිතාන්‍යයටය. සෙසු යුරෝපා රටවල් වන ජර්මනියටත්, ඩෙන්මාර්කයටත් උණුසුම් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇත.
ගතවුණු දින 10 ඇතුළත දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ස්පාඤ්ඤයේ 500 දෙනකු මියගිය බව එරට අග්‍රාමාත්‍ය පේඩ්රෝ සැන්චේස් පවසා තිබේ. පෘතුගාලයෙන් මරණ 1063 ක් වාර්තා වේ.
කාලගුණ විද්‍යාඥයන්ට අනුව යුරෝපා රටවල් බෙහොමයක් දැඩි උණුසුම් කාලගුණයකින් බැට කන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසාය.
අධික උණුසුමත් සමඟ ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ, ප්‍රංශයේ සහ ග්‍රීසියේ ළැව් ගිනි පැතිර යමින් පවතී. වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ළැව් ගිනි පාලනය කර ගැනීම අසීරු තත්ත්වයකට පත් වී තිබේ.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුරෝපයේ දහස් ගණනක් මැරිලා