ජර්මනිය,ඔස්ට්‍රියාව,ස්ව්ට්සර්ලන්තය සහ එක්සත් රාජධානියට බලපා ඇති දරුණු කුණාටු තත්වයක් හේතුවෙන්  අවම වශයෙන් පුද්ගලයන් නව දෙනෙක්වත් මියගොස්  තවත් දහස් ගණනක් අවතැන් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්මනියේ මියුනිච් හිදි කාරයකට ගසක් කඩා වැටීමෙන් පිරිමින් දෙදෙනෙක් ඇතුළුව හත් දෙනෙක් මරුමුවට පත්වූහ. ජර්මන් මාධ්‍ය පෙන්වා දෙන්නේ සැඩ සුළගින් ගස් සහ අතු කඩා වැටීමෙන් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි.

කාලගුණ වාර්තා දක්වන්නේ ජර්මනියේ උසම කන්ද වන සුග්ස්පයිට් දෙසින් පැයට කිලෝ මීටර් 190 ක පමණ වේගයෙන් සුළං හමා එන බවයි.

ජර්මනියේ දුම්රිය සේවා ඇණහිට ඇති අතර ප්‍රධාන දුම්රිය ස්ථානයක් වු මියුනිච් හි වහලයේ කොටසක්  බිමට කඩා වැටෙතැයි යන බියෙන් එහි පිරිස් ඉවත්  කර ඇත.

නෙදර්ලන්තයේ පැයට කිලෝ මීටර් 120 කට වඩා වේගයෙන් හමන සුලං හේතුවෙන් වීරොන්ලයින් මාර්ගයේ ලොරි රථ පෙරලි ගොසිනි. මොන්ටබවර් හි වු දරුණුම එක් සිද්ධියක් වන්නේ මාර්ග නඩත්තු කම්කරුවන් දෙදෙනෙක් මියගියහ.

සැන්ටර්ස්ලේබන් නගරයේ කොන්ක්‍රීට් බිත්තියක් හිස මතට  කඩා වැටීමෙන්  තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

මේ සුළං තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වලට ද බාධා එල්ලවී ඇත.