යුරෝපයේ එච්.අයි.වි. ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇතැයි පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේ දි පමණක් එච්.අයි.වී. ආසාදිතයන් 142,000ක් යුරෝපයෙන් අලුතින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. එම සංවිධානය පවසන්නේ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි. ඒඩ්ස් රෝගීන් වාර්තා වූ 1980 සිට එක් වසරක දී වැඩිම එච්.අයි.වී. ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී ය.
රෝග වළක්වාලන සහ පාලනය කරන යුරෝපීය මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝප කලාපීය කාර්යාලය පවසන්නේ මීට වැඩිපුරම හේතු වී ඇත්තේ සමලිංගික නොවන හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම බවයි.
පසුගිය දස වසරේ රුසියාවේ සහ යුක්රේනයේ ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද දෙගුණයකට වඩා වැඩි වු බව තහවුරු වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙ නම් එච්.අයි.වී. ආසාදිතයන් නැතුව ඇති (නි)
අන්තර්ජාලය හා සම්බන්ධ ලිංගික ව්‍යාපාර මෙයට හේතුව වියහැක. (නි)
පිටිගල මිලානෝ යුරෝපෙට ගියදා ඉඳලා තමයි මේ ලෙඩේ වැඩි වුනේ. (බ)