IMG-LOGO

යුරෝපයේ අඩකට ඔමික්‍රෝන් ආසාදනය වේවි

ඉදිරි සති 6 හෝ 8 ඇතුළත යුරෝපයේ අඩකට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය ආසාදනය වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කළේය.

ලෝක සේඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ අනතුරු ඇඟවූයේ වෛද්‍ය හෑන්ස් ක්ලූග්ය. ඒ, ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.

‘ඔමික්‍රෝන් සුනාමියක් හටගන්නවා. එය ආරම්භ වන්නේ බටහිරින් (බටහිර රටවලින්) ඉන්පසු ඒ සුනාමිය නැගෙනහිරට (නැගෙනහිර රටවල්) පැතිරෙන්න ගනීවි. බිහිසුණු වෙවි’ යැයි වෛද්‍ය ක්ලූග් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.
ඉදිරි දින 6 හෝ 8 ඇතුළත යුරෝපයේ අඩකට ‘ඔමික්‍රෝන්’ ආසාදනය වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, ‘ඔමික්‍රෝන්’ වයිරසය ව්‍යාප්ත වන ආකාරය සහ දැනට හමුවන ‘ඔමික්‍රෝන්’ ආසාදිත ‘කොවිඩ් 19’ රෝගීන් අනුවය.

මෙම 2022 වසරේ පළමු සතියේ යුරෝපයේ නන්දෙසින් හමුවුණු ‘කොවිඩ් 19’ නව ආසාදිතයන් ගණන මිලියන 7 කි. ඔවුන්ගෙන් වැඩි දෙනා ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ය. ඉදිරි සතිවලදී ආසාදිතයන් හමුවීම දෙගුණ තෙගුණ වේවි යැයි විශ්වාස කෙරේ.

(රොයිටර්)



අදහස් (1)

යුරෝපයේ අඩකට ඔමික්‍රෝන් ආසාදනය වේවි

Sara stephney Friday, 14 January 2022 01:11 PM

වසංගතය පැතිරෙන්න සහ පැමිණෙන්න කලින්ම WHO එක සහ බිල් ගේට්ස් දන්නවා මොකද වෙන්නේ කියලා. ඒත් මිනිස්සුන්ට සහ නායකයින්ට තාම තේරුම්ගන්න බැහැ කොහොමද එහෙම නිවැරදිව අනාවැකි කියන්නේ කියලා.. එයාලා කරපු දේ ගැන හරියටම එයාලා කියනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site