අප්‍රිකාවෙන් පැමිණෙන සරණාගතයන් 50,000ක් භාර ගැනීම සඳහා සැලැසුම් සකස් කරමින් සිටින බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
ලිබියාව, ඊජිප්තුව, නයිගර්, සුඩාන්, චැඞ් සහ ඉතියෝපියාව යන රටවලින් පැමිණෙන් සරණාගතයන්ට නිවාස ලබාදීම සඳහා යුරෝ මිලියන 500ක මුදලක් වෙන් කර ඇතැයි ද
යුරෝපා කොමිසම සඳහන් කරයි.
සංක්‍රමණිකයන් ජාවාරම්කරුවන්ගෙන් බේරාගෙන ඔවුන්ට නීත්‍යානුකූල ලෙස යුරෝපයට පැමිණීම සඳහා කෙරෙන කටයුතුවලට අනුග්‍රහාය දක්වන්නැයි ද යුරෝපා සංගමය පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියි.
ඉදිරි වසර දෙකක කාලයේදී දැඩි තර්ජනයකට ලක්ව සිටින සහ ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයන් 50,000ක් යුරෝපය වෙත රැගෙන පැමිණ ඔවුන්ට රැකවරණය ලබාදීමට කටයුතු කරන බව යුරෝපා කොමිසම සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ක්‍රියාත්මක වන අතර දැනට පැමිණ සිටින සරණාගතයන් නැවත පදිංචි කිරීම ද ඊට සමගාමීව ක්‍රියාත්මක වනු ඇත. මීට පෙර කරන ලද ව්‍යාපෘතිය යටතේ විවිධ සරණාගතයන් 160,000කින් 29,000ක් නැවත පදිංචි කිරීම බදාදා දිනයේදී (28) අවසන් කර තිබේ.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ හංගේරියාව සහ ස්ලෝවැකියාව යන රටවල් ඊට සහාය දැක්වූ තත්ත්වයකදීය. බ්‍රිතාන්‍ය එම ව්‍යාපෘතියට සම්බන්ධ නොවීය.
ඬේලිමේල් ඇසුරිනි 055


2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා සංගමය සරණාගතයන් 50,000කට රැකවරණ සැලැසීමට සැලැසුම්
Lalith Friday, 29 September 2017 01:52 AM
එතකොට අර බුරුමෙන් පන්නන බංගලියෝ?