IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


යුරෝපා සංගම් ආරක්ෂිත රටවල් ගොන්නට ඇමෙරිකාව නැහැ

යුරෝපා සංගමයේ "ආරක්ෂිත ගමනාන්ත" ලැයිස්තුවට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් නැතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල් සිය දේශසීමා වසා දැමුවේය.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වීමත් සමඟ යුරෝපා රටවල් ඉකුත් මැයි මාසයේ සිට වයිරසය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කළ අතර දේශසීමා විවෘත කිරීමටද පියවර ගත්තේ ය.

රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමය අද (30) සංචාරක සහ ව්‍යාපාර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ගමන් කළ හැකි රටවල් 14ක් සහ ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදි එම කලාපයෙන් පිට රටවල් 14ක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතය. 

ඇල්ජීරියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජෝර්ජියාව, ජපානය, මොන්ටිනීග්‍රෝ , මොරොක්කෝ , නවසීලන්තය , රුවන්ඩාව , සර්බියාව, දකුණු කොරියාව, තායිලන්තය , ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් ආරක්ෂිත රටවල් ගොන්නට ඇතුළත් කර ඇත.

රුසියාව , බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම ගොන්නට ඇතුළත්ව නැත.

අල්ජසීරා 

055

 

 



අදහස් (0)

යුරෝපා සංගම් ආරක්ෂිත රටවල් ගොන්නට ඇමෙරිකාව නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 218 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 382 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 638 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site