යුරෝපා සංගමයේ "ආරක්ෂිත ගමනාන්ත" ලැයිස්තුවට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් නැතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල් සිය දේශසීමා වසා දැමුවේය.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වීමත් සමඟ යුරෝපා රටවල් ඉකුත් මැයි මාසයේ සිට වයිරසය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කළ අතර දේශසීමා විවෘත කිරීමටද පියවර ගත්තේ ය.
රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමය අද (30) සංචාරක සහ ව්‍යාපාර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ගමන් කළ හැකි රටවල් 14ක් සහ ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදි එම කලාපයෙන් පිට රටවල් 14ක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතය.
ඇල්ජීරියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජෝර්ජියාව, ජපානය, මොන්ටිනීග්‍රෝ , මොරොක්කෝ , නවසීලන්තය , රුවන්ඩාව , සර්බියාව, දකුණු කොරියාව, තායිලන්තය , ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් ආරක්ෂිත රටවල් ගොන්නට ඇතුළත් කර ඇත.
රුසියාව , බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම ගොන්නට ඇතුළත්ව නැත.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd