IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යුරෝපා තීරණයට ලංකාවේ කණස්සල්ල

කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කිරීම තමන් දැඩි සේ සැළකිල්ලට ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

තහනම ඉවත් කිරීම හෝ නොකිරීම යුරෝපා සංගමයට අයත් දෙයක් බව පිළිගන්නා ශ්‍රී ලංකා රජය තත්ත්වය එසේ වුවත් රටක ස්වෛරීභාවය මහත් ඉහළින් සළකන යුරෝපා නීති පද්ධතිය ඉදිරියේදී මේ ගත් තීරණයේ අඩුපාඩුවක් දුටුවහොත් වහා අවැසි පියවර ගනු ඇතැයි දැඩිව විශ්වාස කරන බව එම නිවේදනයේ දැක්වේ.

2006 වසරේ මැයි මාසයේදී යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළ අතර යුරෝපයට අමතරව ඇමරිකාව, ඉන්දියාව, කැනඩාව, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව කොටි සංවිධානය තහනම් කර ඇති අනෙක් රටවල් වේ.

තහනම ඉවත් කෙරුණද කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයට තොරතුරු සැපයීමටත්, සංගමය සිදුකරන පරීක්ෂණයන්ට සහය දැක්වීමටත් රජය කටයුතු කරනු ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

කොටි තහනම ඉවත් කෙරුණු පසු යුරෝපයේ ජීවත් වන සාමකාමිී දෙමළ ජනතාවට හා ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති යුරෝපයේ වැසියන්ට කොටි ක්‍රියාකාරීන්ගෙන් පීඩා පැමිණෙනු ඇත්දැයි රජය විමසිල්ලෙන් සිටින බවද එහි වැඩිදුරටත් සඳහන්ය.



අදහස් (0)

යුරෝපා තීරණයට ලංකාවේ කණස්සල්ල

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 17 October 2014 09:09 AM

යුරෝපා සංගමයට අවශ්‍ය මේ රටට එයාල අවශ්‍ය ආකාරයේ නායකයෙක් පත් කරගෙන දෙකට තුනට කඩන්න. ඉදිරි ජනාධිපතිවරණයෙදී ජනතාව බුද්ධිමත්ව රට ගැන හිතලා ජන්දය භාවිතා කිරීම තුලින් මෙයාලගේ ප්‍රයත්න වැලකේවී. (ස)

:       0       0

රූපවතී Friday, 17 October 2014 09:10 AM

මේ රටේ ඉන්න බලවතුන්ට තම රට ඇතුලේ හරියට නීතිය ක්‍රියා කරවන්න බැරි තත්වයකට වැඩ කරනකොට ලෝකය නීතිය කරවලා පෙන්වයි. ඒ කේ පහර වදින්නේ පොඩි මිනිහට සහ අනාගත නුපන් පර පුරට. දේශපාලකයාට රටට හෙන ගැහිලා ගියත් එයාට වැඩක් නැහැ. (නදී)

:       0       0

නලින් Monday, 20 October 2014 03:28 AM

මේ ගොල්ලෝ මැදපෙරදිග ,රටවල් විනාශ කරනවා වගේ අපේ රටත් බලල් අත් පාවිච්චි කරලා විනාශ කරන්න හදන්නේ. (ස)

:       0       0

සේන Saturday, 18 October 2014 01:19 PM

මේක බරපතල රාජ්‍ය තාන්ත්‍රික පරාජයක්. පාලකයෝ කොහේ හරි රටකට යන්න යයි. රටේ ජීවත් වෙන අපිට බරපතල වන්දි ගෙවන්න සිද්ද වෙයි. (නදී)

:       0       0

යහම්පත් Friday, 17 October 2014 03:08 PM

එහෙම කියන්න එපා රූපවති නැන්දේ. අපේ ජනාධිපති ඉන්න කම් රට කොටියට බිලි ගන්න බැහැ. එයා ගියොත් එ්ක වේවි (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 19 October 2014 08:48 AM

යුරෝපා සංගමේ තමයි ත්‍රස්තවාදය වපුරන්නේ. දැන් පේනවා නේද මුස්ලිම් අන්තවාදීන්ගෙන් යුරෝපය ඇතුළු රටවල් ගණනාවකට අනතුරු අගවලා පහර දෙන බවට. නයි රෙද්ද අස්සේ දා ගත්තම පස්සට විදවන්නෙත් එයාලම තමයි. (නදී)

:       0       0

නිරාන් සෞදි Sunday, 19 October 2014 08:55 AM

මේ දෙය වෙන්න ඉස්සෙල්ලා අාපු ලිපිවලට ආණ්ඩුව හරියට උත්තර දුන්නා නම් මේක වෙන්නේ නැහැ (නදී)

:       0       0

එරංග Saturday, 18 October 2014 10:12 PM

ඇත්තටම අපිටත් කණගාටුයි (නි)

:       0       0

භක්ති Sunday, 19 October 2014 10:20 PM

යුරෝපා සංගමය වැඩිකල් යන්න පෙර කොටින්ගේ හැටි තේරුම් ගනීවි .එදාට පසුතැවිලි වේවි. (නි)

:       0       0

ශ්‍රී ලාල් Friday, 17 October 2014 08:56 PM

කනස්සල්ල නොවේ විරෝධය නොභියව ප්‍රකාශ කල යුතුයි. (නදී)

:       0       0

මෙනා Friday, 17 October 2014 08:46 AM

මේකට සම්පුර්ණයෙන් වගකියන්න ඕන අර මන්ත්‍රී ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site