
යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ඩෙර් ලින් ගමන් කරමින් සිටි ගුවන් යානය හිටිහැටියේ තාක්ෂණ දෝෂයකට ලක්වුණු බවටත්, එසේ වූයේ රුසියන් හමුදා ගුවන් යානයට චන්ද්‍රිකාවලින් ලැබෙන සංඥා අවහිර කළ නිසා බවටත් චෝදනා එල්ල වී ඇත.
උර්සුලා වොන් ඩෙර් ලින් රැගත් ගුවන් යානය, බල්ගේරියාවට ගොඩබෑමට සූදානම් වෙද්දී මෙම අකරතැබ්බ සිදුවී ඇත. ගුවන් යානය, චන්ද්‍රිකා තාක්ෂණය සහ ජීපීඑස් තාක්ෂණය භාවිතයට ගනිමින් පියාසර කර ඇති අතර, එය බල්ගේරියාවට ගොඩබෑමට සූදානම් වෙද්දී එහි මඟ පෙන්වන පද්ධති අඩපණ වී ඇත. ඒ, බාහිරින් ආ සංඥාවක් නිසා බව පැවැසෙයි. ඊට රුසියාව වගකිවයුතු යැයි විමර්ශනවලින් පසු පබලධාරීහු පවසති.
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුරෝපා රටවල් අයත් යුරෝපා කොමිසම ද උත්සාහ ගන්නේ යුක්රේනයට අවශ්‍ය පරිදි සාම වැඩපිළිවෙළක් ඇති කර ගැනීමටය. රුසියාවට සම්බාධක පැනැවීම පවා සිදු කර ඇත්තේ යුරෝපා කොමිසමය. උර්සුලා වොන් ඩෙර් ලින් නිරන්තරයෙන් රුසියන් ජනාධිපතිවරයා විවේචනය කර ඇත..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd