ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයේ අග්‍රාමාත්‍යවරයා වන අහමඩ් අල්-රහාවි ජීවිතක්ෂයට පත්විය.

අහමඩ් අල්-රහාවි ජීවිතක්ෂයට පත්වූයේ සානා අගනුවරට එල්ල වුණු ප්‍රහාරයකිනි. අහමඩ් අල්-රහාවි පමණක් නොව, හවුතිවරුන් පිහිටුවා ඇති රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකු ද ප්‍රහාරයෙන් මියගිය බව ද පැවැසෙයි.

යේමනයේ හවුතිවරුන් ෂියා මුස්ලිම් සටන්කාමීන්ය. ඔවුන් යේමනයේ සෞදි හිතවාදී රජය පෙරළා දමා බලය අල්ලාගෙන රජයක් පිහිටුවා ඇත. කෙසේ නමුත් හවුති සටන්කාමීන්ට එරෙහිව යන පිරිසක් ද යේමනයේ සිටිති.

අහමඩ් අල්-රහාවි හවුති පාලන ප්‍රදේශයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2024 අගෝස්තු මාසයේ සිටය.

(ඒ.එෆ්.පී.)