යේමනයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
යේමනයේ උතුරු ආදෙන්හි හමුදා පුහුණු කඳවුරකට බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති අතර ප්‍රහාරයට පැමිණි පුද්ගලයා කාරය අලුතින් බඳවාගත් සෙබළු රැස්වී සිටි ස්ථානයකට පදවා ඇතැයි කියති.
ආරක්ෂක අංශ තවමත් මිය ගිය පිරිස හා තුවාල ලැබූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ආදෙන්හි රෝහල් ආරංචි කියනුයේ අඩුම ගණනේ 45 දෙනකුගේ සිරුරු රෝහලට ගෙන ආ බවයි.
ත්‍රස්තවාදය හේතුවෙන් 2015 මාර්තු සිට මේ දක්වා සිවිල් වැසියන් බහුතරයක් ඇතුළුව 6600කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් එරට ජනගහණයෙන් 80%කට වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ මානවවාදී උපකාර මත පිටමංව ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd