සානාහිදීය (ඒ.එෆ්.පි)
යේමනයේ කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන සානා අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ජීවිතක්ෂයට පත්වූවන් අතර සිවිල් වැසියන් ද සිටින බව ප්‍රහාරයෙන් පසු යේමන හා ජාත්‍යන්තර සංවිධාන නිවේදනය කළේය.
සානා නුවර උතුරු කොටසට එල්ල වූ ප්‍රහාරයකින් 35කට වැඩි පිරිසක් මියගිය බව රතු අඩ සඳ සංවිධානයේ යේමන ශාඛාවේ ප්‍රධාන හුසේන් අල් තවීල් පැවැසීය.
රටේ ආණ්ඩු විරෝධි හූති කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින සානා අගනුවරට ගුවන් ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ තවදුරටත් වාර්තා විය. එම ප්‍රහාර අතුරින් එක් ප්‍රහාරයක් කර්මාන්තශාලාවකට එල්ල වූ බව ද තවදුරටත් වාර්තා විය.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd