යේමනයේ ඒඩ්න් නුවර ආණ්ඩුකාර ජාෆා සාද් සහ ඔහුගේ ආරක්ෂකයින් පස් දෙනකු කාර් බෝම්බයක් පිපිරීමෙන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිය රථය ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ ආරක්ෂකයින් සිටින ස්ථානයේදී පුපුරුවා ගැනීමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි වාර්ථා වේ.

ආණ්ඩුකාරවරයා ඒඩ්න් නුවර දකුණු දිග වරාය ආසන්නයේ විදුලි සංදේශ අමාත්‍යාංශයට අයත් භූමියක සංචාරයක යෙදෙමින් සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇත. ප්‍රහාරයේ වගකීම මෙතෙක් තිසිවෙක් බාරගෙන නැතැයි එරට ආරක්ෂක බලධාරීන් ප්‍ර‍කාශ කරයි.

ඒඩ්න් නුවර ප්‍රදේශ කිහිපයක් අල්කයිඩා සංවිධානයේ පාලනය යටතේ පවතී.