යේමනයේ ඒඩ්න් ගුවන්තොටුපළ ආසන්නයේ හමුදා මූලස්ථානයකට එල්ලකළ කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් යේමන සොල්දාදුවන් 10 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒඩ්න් ගුවන්තොටුපළ අසල හමුදා මූලස්ථානයේ ඇතුළුවීමේ දොරටුව ආසන්නයේ දී එක් කාර් බෝම්බයක් පුපුරුවා ඇතැයි ද අනෙක කඳවුර ඇතුළතද පුපුරුවා හැර ඇතැයි කියති.

මිය ගිය සෙබළුනගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.