යේමනයේ සිර කඳවුරකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් සිරකකරුවන් 30 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

හවුති කැරැලිකරුවන් ඉලක්ක කරගෙන සෞදිය ඇතුළු රටවල් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.

හුදායාද් හි අල් සයිදියා සිර කඳවුරට එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මේ මාසයේ මුල් සතියේදී යේමන අගනුවර අවමංගල්‍යයකට ගුවනින් බෝම්බ හෙළීම නිසා සිවිල් වැසියන් 140ක් පමණ මිය ගිය බවද වාර්තා විය.