IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


යේමන ප‍්‍රහාරය වරදක්

පසුගිය අට වැනිදා යේමනයේ අවමගුල් උත්සවයක් ඉලක්ක කර එල්ල කැරුනු ගුවන් ප‍්‍රහාරය වැරදීමකින් එල්ල කැරුණක් බව සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානය පිළිගෙන ඇත.

මෙම ගුවන් ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 140 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් සිටින අතර ඔවුන් අතරින් බොහෝදෙන සිවිල් වැසියෝය.

ප‍්‍රහාරය එල්ල කැරුනු දිනයේ පටන් සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයට අන්තර්ජාතික මට්ටමින් නොයෙක් විවේචනයන් එල්ල වූ අතර ඊට පිළිතුරු ලබාදීමක් ලෙස ස්වාධීන විමර්ෂණයක් ආරම්භ කැරින.

එම විමර්ෂණයෙන් අනාවරණයව තිබෙනුයේ ගුවන් ප‍්‍රහාරය එල්ල කළ යානා වල සිටි නියමුවන්ට, අවමගුල් උත්සවයට සහභාගීව සිටින්නේ හූදී නායකයින් බවට සාවද්‍ය තොරතුරු ලබාදීමක් සිදුව ඇති බවය.එම තොරතුරු ලබාදුන් යේමන ගුවන් පාලක මධ්‍යස්ථානය, ප‍්‍රහාරය එල්ල කිරීම සදහා සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයේ අවසරය ලබාගෙන නැතැයිද විමර්ෂණ වාර්තාවෙන් චෝදනා කර තිබේ.

විපතින් හානියට පත්වූවන්ට වහා සහන සැළසීම සදහා ඔවුන් හදුනාගැනීමේ වැඩසටහනක් මේ වන විට දියත් කර තිබේ.

සෞදි අරාබිය ප‍්‍රමුඛ සන්ධානයට ඇමරිකාවේ සහය හිමිය.නමුත් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් වොෂින්ටනයද දැඩි අප‍්‍රසාදය පලකරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

යේමන රජයේ ආරක්ෂක අංශ හා හූදී සටන්කාමිීන් අතර ඇවිලෙමින් තිබෙන ගැටුම් වලින් මේ වන විට සිවිල් වැසියන් 6000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි ගණන් බලා ඇත.සෞදි අරාබිය ප‍්‍රමුඛ අරාබිකරයේ රටවල් 14 කින් සැදුම්ලත් සන්ධානයක් යේමන රජයට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.



අදහස් (0)

යේමන ප‍්‍රහාරය වරදක්

නිමල් රාජපක්ෂ Sunday, 16 October 2016 09:49 PM

ඉරාකයට ගහනවිට මේ සංවිධානය කොහෙද හිටියේ? ඉරාකය විනාශකරන්න මේ අය වක්‍රව ඇමරිකාවට සහය දුන්නද කියලා දැන් සැකයක් උපදිනවා. මොකද මේ සංවිධානය යේමනයට දක්වන සහය ඉරාකයට නොදැක්වීම පුදුමසහගතයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site