චීනය හා ඇතිකරගෙන තිබෙන රාජ්‍ය තාන්ති‍්‍රකමය ගැටුමක් අරබයා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) වෙත ප‍්‍රදානය කිරීමට නියමිතව තිබූ පවුම් ලක්ෂ 344 කට ආසන්න මුදලක් තමන් භාරයේම රඳවා තබා ගැනීමට ජපානය තීරණය කර ඇත.
1937 වසරේදී චීනයේ නැන්ජින්ග් නගරය ආක‍්‍රමණය කළ ජපාන හමුදා චීන වැසියන් ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනය කළේ යැයි සඳහන් ආන්දෝලනාත්මක ලියකියැවිලි ''ලෝක මතක ලේඛණය'' නම් විශේෂ වැඩපිළිවෙලක් යටතේ සංරක්ෂණය කිරීමට සුදුසුයැයි යුනෙස්කෝව තීරණය කර තිබීම මෙයට හේතුවයි.
මෙම ලියකියැවිලි පිළිනොගන්නා ලෙස ජපානය අවස්ථා කිහිපයකදීම යුනෙස්කෝවෙන් ඉල්ලා සිටි මුත්, අවසන යුනෙස්කෝව කන්දුන්නේ එම ලියකියැවිලි සංරක්ෂණය කරන ලෙස චීනය කළ ඉල්ලීමටය.
1930 දී ජපානයේ චීන ආක‍්‍රමණයත් සමග දෙරට අතර ආරම්භ වූ යුද්දය 1945 වසරේදී දෙවන ලෝක යුද්දයෙන් ජපානය පරාජය වීම දක්වාම පැවතින.
නැන්ජින්ග් ආක‍්‍රමණයෙන් සැළකිය යුතු සිවිල් වැසියන් පිරිසක් මිය යන්නට ඇතැයි ජපානය පිළිගනී.නමුත් චීනය ඉදිරිපත් කරන ලියැකියවිලි වල සදහන් ලක්ෂ ගණනක මනුෂ්‍ය සංහාරයක් කිසිසේත්ම සිදුනොවූ බව එරට අවධාරණය කරයි.
දෙවන ලෝක යුද්දයේ සිදුකළ ආක‍්‍රමණය කිරීම් මුල් කොටගෙන ජපානය හා එය අසල්වැසි ආසියාතික රටවල් අතර එදා සිටම පැවතියේ සීතල යුද්දයකි.යුද සමයේ කළ අපරාධ වලට ජපානය තවමත් වන්දි ගෙවා නැතැයි එම රටවල් අදටත් පවසන අතර ඒ අතුරින් මුල් තැන සිටින්නේද චීනයයි.
1992 දී යුනෙස්කෝව ආරම්භ කළ ලෝක මතක ලේඛණය වැඩසටහනෙහි අරමුණ වන්නේ ඓතිහාසික වටිනාකමක් ඇති ලේඛණ සංරක්ෂණය කිරීමයි.එය යටතේ දැනට ලොව පුරා රටවලින් ලබාගත් ලේඛණ 348 ක් සංරක්ෂණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා කිව්වා නම් හැමදාම සලකනවා (හේ)