'යුනිස්' සුළි කුණාටුව මහා බ්‍රිතාන්‍යයට කඩා වැදුණි. වසර 30 කින් පසු බ්‍රිතාන්‍යය කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණාටුව 'යුනිස්'  සැලකෙයි.

සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට සෙසු බටහිර යුරෝපා රටවලට ද දැනෙන්න පටන් ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් මරණ 9 කන් වාර්තා වෙයි. ගුවන් ගමන් දුම්රිය ගමන් ඇතුළු සියලු ගමනාගමන කටයුතුවලට සුළි කුණාටුවෙන් බාධා එල්ල වී තිබේ.

(රොයිටර්)