පසුගිය සති අන්තයේ ෆ්ලොරීඩා මුහුදු තීරයට හදිසියේ ම ගොඩබෑ ගුවන් යානයකට යටවූ ඔසීනා ඉරිසාරි (09) දැරිය මියගියාය. මේ අනතුරින් ඇගේ පියා ඔම්මි ඉරිසාරි (36) එම ස්ථානයේ ම මියගොස් සිටියේය.

යානයේ නියමුවා කාල් කොකොමුවර් කියා සිටියේ තමන්ට ඉක්මණින් යානය ගොඩබෑමට සිදුවීම හේතුවෙන් ස්ථානයක් ගැන ඉතා කෙටි කාලයකින් තීරණය ගැනීමට සිදුවූ බවයි.

‘‘ මම ඔවුන්ව දැක්කේ නැහැ. යානය ගොඩබෑමෙන් පසුව තමයි ඔවුන් දැක්කේ“

මියගිය දිනයේ ඉරිසාරි ෆේස් බුක් හි පණිවිඩයක සඳහන් කැර තිබුණේ එදින ඔහුගේ විවාහයේ නමවැනි සංවත්සරය බවයි. හමුදා නිලධාරියකු වන ඔහු මේ පණිවිඩය සිය බිරිඳට යැවූවකි.