මුහුදු පත්ලේ එම්එච් 370 යානය තිබෙන ස්ථානයක් සෙවීම සඳහා සෝනාර් යාත්‍රාවක් ලබා දීමට චීන රජය එකඟ වී ඇතැයි ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති වැරන් ටෘෘස් විදෙස් මාධ්‍යයට කියා ඇත.

ඩොන් හෙයි ජූ 101 නමැති මේ යාත්‍රාව දැනට සිංගප්පූරුවේ ඇති බවත් එය ඉරිදා ඕස්ට්‍රේලියාවට පැමිණෙන බවත් ඔහු කියයි. එම යාත්‍රාව යොදාගෙන දකුණු දිග ඕස්ට්‍රේලියා මුහුදේ සෙවුම් කටයුතු සිදුකිරීමට යෝජිතය.

2014 මාරතු මාසයේ දී මගීන් 239ක් සමග අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ කොටසක් මැඩගස්කරය අසළ දූපතකින් සොයා ගැණිනි. ඉන් පසු මලයාසියේ වෙරළ ආසන්නයෙන් ද ගුවන් යානයක කොටසක් යැයි සැළකෙන සුන්බුන් කැබැල්ලක් සොයා ගත්ත ද එය එම්.එච් 370 යානයේ බවට මෙතෙක් තහවුරු කරගෙන නැත. ඒ අනුව ගුවන් යානා හා ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥයන් පවසන්නේ මෙතෙක් හමුවී ඇත්තේ අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ එක් කොටසක් පමණක් බවයි.