යුක්රේනයේ බෙදුම්වාදී කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සැන්ඩර් බොරොඩායි මාධ්‍ය සාකච්ඡවාකද දී ගියා ඇත්තේ මිසයිලයකින් විනාශ වූ එම්.එච් 17 ගුවන් යානයේ කළු පෙට්ටිය දැන් තමන් භාරයේ තිබෙන බවයි. මේ කළු පෙට්ටිය හා මියගිය අයගේ සිරුරු ජාත්‍යන්තර පරීක්ෂකයන්ට භාර දීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු කියයි.

අනතුර සිදුවූ ස්ථානය ආසන්න ගොවිබිමක සිට කළු පෙට්ටිය ගෙන එන ආකාරය පෙන්වන රූපරාමු සහිත වීඩියෝ පටියක් ද ඔවුන් මධ්‍යයට නිකුත්කැර ඇත. කැරළි කරුවන් පවසන්නේ මොස්කව් පාලනය මේ කළු පෙට්ටිය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් පසුවන බවයි.

සඳුදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක බල මණ්ඩල සැසියේ දී මේ යානය ගැන බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියා ව සකච්ඡා කිරිමට ද නියමිතව තිබේ. ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට මේ අනතුර සිදුවූ ස්ථානයට යාමට අවසරයක්  නැත.  

යුක්රේන හදිසි සේවා ඒකකයේ සාමාජිකයන් මළ සිරැරු එකතු කර බෑග් වලට දාමා ඉවත් කිරිමට සූදානම් ව සිටිය දී සන්නද්ධ කැරළි කරුවන් ඒ සිරුරු නොදන්නා ස්ථානයකට රැගෙන ගොස් ඇත. මේ කැරළි කරුවන් සන්නද්ධවී පැමිණීම නිසා කිසිවක් කරගත නොහැකිව ඔවුන් කරන දේ බලා සිටීමට සිදු වූ බව සහන සේවකයෝ කියති. ඔවුන් දැන් පවසන්නේ  ටොරෙස් නගරයේ දුම්රිය මැදිරියක අධි ශීතකරනවල එම සිරුරු රඝවා තිබෙන බවයි. දිවා රෑ නොබලා එම ස්ථානයේ තිබූ සිරුරු රැස්කිරීමේදී මෙතෙක් හමුවී තිබෙන්නේ මියගිය අයගේ සිරුරු 196ක් පමණි. ඉතිරි සිරුරු 102 ට සිදුවූ දෙයක් ගැන කිසිවෙකුත් දන්නේ නැත.

සැතපුම් නමයකට ඈතින් ශීත කරපු දුම්රිය පෙට්ටියක තිබී කැරළි කරුවන් විසින් ගෙන යනු ලැබූ සිරුරු සැතපුම් නමයක් ඈතින් නවතා ඇති දුම්රිය මැදිරියක අධිශීතකරණයක බහා තබාගෙන සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 bl1

bl3

bl2