IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යානයේ කළු පෙට්ටිය හමුවේ

යුක්රේනයේ බෙදුම්වාදී කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සැන්ඩර් බොරොඩායි මාධ්‍ය සාකච්ඡවාකද දී ගියා ඇත්තේ මිසයිලයකින් විනාශ වූ එම්.එච් 17 ගුවන් යානයේ කළු පෙට්ටිය දැන් තමන් භාරයේ තිබෙන බවයි. මේ කළු පෙට්ටිය හා මියගිය අයගේ සිරුරු ජාත්‍යන්තර පරීක්ෂකයන්ට භාර දීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු කියයි.

අනතුර සිදුවූ ස්ථානය ආසන්න ගොවිබිමක සිට කළු පෙට්ටිය ගෙන එන ආකාරය පෙන්වන රූපරාමු සහිත වීඩියෝ පටියක් ද ඔවුන් මධ්‍යයට නිකුත්කැර ඇත. කැරළි කරුවන් පවසන්නේ මොස්කව් පාලනය මේ කළු පෙට්ටිය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් පසුවන බවයි.

සඳුදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක බල මණ්ඩල සැසියේ දී මේ යානය ගැන බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියා ව සකච්ඡා කිරිමට ද නියමිතව තිබේ. ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට මේ අනතුර සිදුවූ ස්ථානයට යාමට අවසරයක්  නැත.  

යුක්රේන හදිසි සේවා ඒකකයේ සාමාජිකයන් මළ සිරැරු එකතු කර බෑග් වලට දාමා ඉවත් කිරිමට සූදානම් ව සිටිය දී සන්නද්ධ කැරළි කරුවන් ඒ සිරුරු නොදන්නා ස්ථානයකට රැගෙන ගොස් ඇත. මේ කැරළි කරුවන් සන්නද්ධවී පැමිණීම නිසා කිසිවක් කරගත නොහැකිව ඔවුන් කරන දේ බලා සිටීමට සිදු වූ බව සහන සේවකයෝ කියති. ඔවුන් දැන් පවසන්නේ  ටොරෙස් නගරයේ දුම්රිය මැදිරියක අධි ශීතකරනවල එම සිරුරු රඝවා තිබෙන බවයි. දිවා රෑ නොබලා එම ස්ථානයේ තිබූ සිරුරු රැස්කිරීමේදී මෙතෙක් හමුවී තිබෙන්නේ මියගිය අයගේ සිරුරු 196ක් පමණි. ඉතිරි සිරුරු 102 ට සිදුවූ දෙයක් ගැන කිසිවෙකුත් දන්නේ නැත.

සැතපුම් නමයකට ඈතින් ශීත කරපු දුම්රිය පෙට්ටියක තිබී කැරළි කරුවන් විසින් ගෙන යනු ලැබූ සිරුරු සැතපුම් නමයක් ඈතින් නවතා ඇති දුම්රිය මැදිරියක අධිශීතකරණයක බහා තබාගෙන සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 bl1

bl3

bl2



අදහස් (0)

යානයේ කළු පෙට්ටිය හමුවේ

එරංග Tuesday, 22 July 2014 10:18 AM

මේකටත් ලංකාව ගාවාගන්න ඇමරිකාව-ජිනීවා මානබලනවා ඇති (නි)

:       0       0

හේෂාන් විල්ලොචන Tuesday, 22 July 2014 04:34 AM

තවත් සොයා ගැනීමක් . (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:53 AM

කොරේ පිටට මරේ කිව්වලු.(අ)

:       0       0

ලෙස්ලි Tuesday, 22 July 2014 01:22 AM

ජිනීවා නුවර කට්ටිය මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 331 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site