IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යානය කඩා වැටුණු හේතුව කඩිනමින්

පුද්ගලයන් එකසිය තිස් දෙදෙනකු සමඟ පියාසර කරමින් තිබියදී, හිටැහැටියේ බිමට කඩා වැටුණු බෝයිං 737-800 වර්ගයේ චීනයේ ‘ඊස්ටර්න් එයාර්ලයින්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය සොයා ගැනීමට චීන ගුවන් සේවා අධිකාරිය පවසයි.

වසර 30 ක් ඇතුළත චීනයේ සිදුවුණු දරුණුතම ගුවන් යානා අනතුර යැයි චීන මාධ්‍ය වාර්තා කරයි. කඩා වැටුණේ චීන අභ්‍යන්තර ගුවන්ගමන්වල යෙදුණු යානයකි. අනතුර සැලකිල්ලට ගනිමින්, චීනය එරට ගුවන් සේවාවලට අයත් සියලුම ‘බෝයිං 737-800’ වර්ගයේ ගුවන් යානා තාවකාලිකව පියාසර කිරීම නැවැත්වීය. ඒ, කඩා වැටුණු යානයේ විමර්ශන කටයුතු අවසන් වනතුරුය.

කඩා වැටුණු යානයේ මගීන් ගණන 123 කි. සෙසු පිරිස නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ය.  ඔවුන් සියලු දෙනා චීන ජාතිකයන් බව පැවැසෙයි.

අඩි 29,000 ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානය හිටිහැටියේ පහළට කඩා වැටුණි. යානය හිටිහැටියේ බිමට කඩා වැටෙන අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍යවලට ලැබී ඇත. අඩි 29,000 ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු යානය හිටිහැටියේ දෝෂයකට ලක් වුණු බවත් එය එසැණින් ඉහළ සිට පහළට අතහැරියාක් මෙන් පහළට කඩා වැටෙන අයුරු එම වීඩියෝ දසුන්වල දැක්වෙයි. කදුකර ප්‍රදේශයක කන්දක් මතට කඩා වැටෙන යානය පිපිරී විනාශ වන අතර, ඒ සමග අවට වනාන්තර ප්‍රදේශයේ ගින්නක් ද හටගත්තේය.

යානය අනතුරට පත්වීම ඇසීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බවත් ඒ ගැන පුළුල් විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර බවත් චීන ජනාධිපති ෂී ජින්පින් එම අවස්ථාවේදී පැවැසීය. පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය සොයා ගැනීමත් සමඟ යානය හිටිහැටියේ කඩා වැටුණේ ඇයිදැයි යන්න දැන ගැනීමට හැකිවේවි යැයි චීන ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

යානය කඩා වැටුණු හේතුව කඩිනමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site