මිනිපිරියගේ උපන්දින සාදයට සහභාගී වීමට දුරබැහැර සිටි දියණියගේ නිවසට පුද්ගලික සැහැල්ලු ගුවන් යානයකින් පියාසර කරමින් සිටි ව්‍යාපාරිකයකු, ඔහුගේ බිරිය හා තවත් දරුවන් දෙදෙනකු යානය කඩා වැටී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆිල් ගාවේ (56) නමැති මේ ව්‍යාපාරිකයා යානය පදවා ඇත. ඔහු සහ ඔහුගේ බිරිය ඈන් (55) දියණිය එමිලි (23) හා පුතා ඩාන් (20) යන සිව්දෙනා මේ අනතුරෙන් මියගියහ.
ආසන හයකින් යුතු සැහැල්ලු ගුවන් යානය බ්‍රිතාන්‍යයේ සරේ ගුවන් තොටුපොළෙන් පිටත්ව සැතපුම් හතක් පමණ දුර යද්දි කඩා වැටී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd