තායිවානයේ දී ගඟට කඩා වැටුණු යානයේ සිටි 31 දෙනකු මියගොස් ඇතැයි තහවුරු කරගෙන ඇති බවත් තවත් පුද්ගලයන් 12 දෙනකු සොයා ගලවාගැනීමේ කණ්ඩායම් ගවේෂණ කටයුතු කරණ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. සුන්බුන් අතර සිට දිවි ගලවාගත් සංඛ්‍යාව 15 දෙනෙකි.
තායි බලධාරීන් පවසන්නේ යානයේ නියමුවා හා සහය නියමුවා ද මියගිය අය අතර සිටින බවයි. වේගයෙන් පහතට ආ යානයේ එක් තටුවක් පාලමේ වැදී යානය ගඟට පතිත වී ඇති අතර යානයේ කැඩුණු කොටස් ගංඟා පත්ලේ රැඳී තිබේ. යානයේ ප්‍රධාන කොටස් බදාදා රාත්‍රී දොඹකර ආදාරයෙන් ගොඩගත් අතර මියගිය අයගේ සිරුරු කිහිපයක් ද මේ සුන්බුන් අතර තිබී සොයාගන්නා ලදී.
තායිවාන් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානයේ කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යනා වලට මේ දිනවල අපල...(හේ)