එම්.එච්.370 යානයේ හදිසි විදුලි විසන්ධි වීමකින් යානය ස්වයංක්‍රීය පාලනයට යොමු වීම හේතුවෙන් එය දකුණු ඉන්දියන් සාගරයට ඉහළින් ඉන්ධන අවසන්වන තුරු පියාසර කර කඩා වැටෙන්නට ඇතැයි ඕස්ට්‍රේලියානු ප්‍රවාහන කාර්යාංශය පවසයි.
විදුලිය විසන්ධිවීම හේතුවෙන් යානයේ පියාසර කිරීම සම්බන්ධ තිරණාත්මක සන්නිවේදන පද්ධති දෙක ක්‍රියා විරහිත වී ඇති බවත් යානයේ සම්බන්ධතා බිඳ වැටීමත් සමග ගුවන් පාලක මධ්‍යස්ථානවලට එය සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවත් එම කාර්යාංශය කියයි.
යානයේ සියළු සම්බන්ධතා බිඳවැටී පැය භාගයකට පමණ පසුව යානයේ චන්ද්‍රිකා දත්ත පද්ධතිය යළි සම්බන්ධ වීමට උත්සාහ ගෙන ඇති බවද අනාවරණය වී ඇත. එසේම යානයේ විදුලි බිඳවැටීමෙන් පසු යානයේ කාර්ය මණ්ඩලය මුළුමනින් ම අකර්මන්‍ය වන්නට ඇතැයි ද පර්යේෂකයෝ සැකකරයි.
චන්ද්‍රිකා දත්ත පද්ධතිය එහි ගබඩා වී තිබූ ශක්තියෙන් යළි කෙටි වේලාවක් සංඥා නිකුත් කර ඇති බව ද පර්යේෂකයෝ කියති. එම සංඥා නිකුත්වන අවස්ථාවේ යානය තිබී ඇත්තේ ඉන්දියන් සාගරයේ සැතපුම් සිය ගණනක් ඈතිනි.
යානයේ අතුරුදන් වීමට හේතුව විදුලිය විසන්ධිවීමක් බව පැවසුව ද විදුලිය විසන්ධි වීමට හේතුව අදාල වාර්තාවේ සඳහන් කර නැත. මේ යානයේ විනාශයට වගකිව යුතු වන්නේ යානයේ නියමුවා සහ සහායක නියමුවාගේ නොසැළකිල්ල යැයි කලින් තිබූ මතය මේ වාර්තාවෙන් බැහැර කර ඇත.
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති වැරන් ටෘෘෆ් මහතා පවසන්නේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යා තාක්ෂණික කණ්ඩායම දැනට ඇති සියළු දත්ත එකතු කරගෙන මෙහෙයුම් කටයුතු එක් ප්‍රදේශයක සිදුකරන බවයි. බටහිර ඕස්ට්‍රේලියාවෙන් ඈත දියඹේ වර්ග කිලෝ මීටර 120,000ක් සෝදිසි කිරීමට හඳුනාගෙන ඇත. ඉන් දැනටමත් වර්ග කිලෝ මීටර 75,000ක් සෝදිසි කර අවසන් බව ද නියෝජ්‍ය අගමැතිවරයා පවසයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යානය අතුරුදන් වුණේ විදුලිය විසන්ධිවීමකින්
රාධා Thursday, 10 December 2015 10:49 PM
කෝ අර අපේ ජ්‍යෝතිෂ උපදේශක උතුමා? (නි)
බිමල් Thursday, 10 December 2015 11:51 PM
බඩු මිල වැඩි හින්දා මිනිසුන්ට පාන් කියාගන්න බැරුව ඉන්නවා. ඉතින් අපිට නම් කමක් නැහැ කොහේ කොහොම කඩාගෙන වැටුනත්. (නි)
මනෝජ් Thursday, 10 December 2015 07:04 AM
මුලින්ම පරීක්ෂණ කරේ අපේ කොටදෙනියාව පොලිසියෙන් වගේ? නියමුවාට කොච්චර මඩ ගැහුවද? (ම)
සිසිර Saturday, 12 December 2015 01:40 AM
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
ඔෂාන් Friday, 11 December 2015 03:19 AM
අනේ මන්දා මේක කවදා සොයාගනීවිද කියලා (නි)
බෙනට් Thursday, 10 December 2015 02:21 PM
අර ලංකාවේ මන්ත්‍රී කෙනෙක් කිවුව වගේ දැන් ඉතින් ඕන ගොනෙකුට මත ඉදිරිපත් කළ හැකියි (බ)
යොහාන් Saturday, 12 December 2015 05:53 AM
ඕස්ට්‍රේලියා රජයෙන් දක්වන උත්සාහය අගයමු. (නි)