
තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය. මෙම ග්‍රහකය පෘථිවියේ හැපීමේ කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කර තිබේ.
‘2013 ඩබ්ලිව්.වී.44’ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. මෙය ගමන් කරන්නේ තත්ත්පරයට කිෙලා් මීටර් 11.8 ක වේගයකිනි. මෙය පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 3.3 ක් දුරිනි.
බටහිර තාරකා විද්‍යාඥයන් ඉංග්‍රීසි බසින් ‘ඇස්ට්‍රොයිඩ්’ යනුවෙන් හැදින්වෙන ග්‍රහ වස්තු, ‘ග්‍රහක’ ලෙස සිංහලෙන් හැදින්වෙයි. බොහෝ දෙනා මේවාට ‘ග්‍රාහක’ යැයි කියයි. ‘ග්‍රාහක’ යන වදනේ අදහස ‘ග්‍රහණය කර ගැනීම’ යන්නය. ‘ඇස්ට්‍රොයිඩ්’ යන වදන සිංහලෙන් ‘ග්‍රාහක’ නොව ‘ග්‍රහක’ විය යුතු යැයි බොහෝ විද්වතුන්ගේ මතය වි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙය ගමන් කරන්නේ පැයට තත්ත්පර 11.8 ක වේලයකිනි." පළ කරන්න කලින් චෙක් කරන්න. වැරදීම් වැඩියි ලගකදී ඉදල.
මෙය ගමන් කරන්නේ තත්ත්පරයට 11.8ක වේගයකිනි... මේ වේගය ගැන අදහසක් නෑ. කෙසේ වෙතත් ලොකු වේගයක් වෙන්න ඇති...
පුත්තලමටවත් වැටුණා නම් බුරුවන් පාර්ලිමේන්තු එන එක නවතියි...
දියවන්නාවේ ඇති ගව පට්ටියට වැටෙන්න හැකියාවක් තිබුනොත් තමයි හොඳ. එතකොට ලෝකය කෙසේ වෙතත් ලංකාවටනම් හොඳ කලක් උදාවේවි .