
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ මුලදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට ඉඩ ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මාධ්‍ය හමුවේ පැවැසීය.
ට්‍රම්ප් සහ මෝදි අතරේ මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ට්‍රම්ප් ඉන්දීය සංචාරයේ නියැලෙනු ඇතැයි ද රුබියෝ වැඩිදුරටත් පැහැදිලි කර ඇත. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මේ වනවිටත් සිදුවෙමින් පවතින බව ද වාර්තා වේ.
මෙය ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ ඉන්දියාවේ නිරත වන පළමු සංචාරය වනු ඇතැයි ද පැවැසෙයි.
ඉකුත් දා ප්‍රංශයේ පැවැති ‘ජී7’ සමුළුවට ආරාධිතයකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී විය.
එම අවස්ථාවේදී, ‘ජී7’ කණ්ඩායමේ ප්‍රබලයකු ලෙස ට්‍රම්ප් සහ මෝදි අතරේ සුහද හමුවක් පවා පැවැත්විණි. අහිංසකයි මෙන් පෙනුනත් මෝදි අමාරුකාරවෙක් බවත්, ඔහු සමග කේවල් කිරීම අසීරු බවත් ට්‍රම්ප් එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd