
ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, එරට උපාය මාර්ගික ඛනිජ තෙල් සංචිතයේ පවතින බොරතෙල් තොග බැරල් මිලියන 5.5කින් පහත වැටී බැරල් මිලියන 325.7ක් දක්වා අඩු වී ඇතැයි පැවැසෙයි.
1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටම මෙයයි. මෙලෙස තෙල් ලබා ගැනීම, ඉරාන යුද්ධයෙන් පසු ගෝලීය තෙල් සංචිතවල ඇති වූ හිඟය පියවීම සහ ඉන්ධන මිල පහත හෙලීමට සහාය වීම සඳහා මෙම සංචිතයෙන් බැරල් මිලියන 172 ක් මුදා හැරීමට අමෙරිකාව ඇති කරගත් එකඟතාවයක කොටසක් බව ද පැවැසෙයි.
ඉකුත් පෙබරවාරි අග භාගයේදී යුද්ධය ආරම්භ වූ දා සිට, වාණිජ සහ උපායමාර්ගික සංචිත ඇතුළුව සමස්ත ඇමෙරිකානු තෙල් සංචිත ප්‍රමාණය, ජුනි 19 වැනිදා වන විට බැරල් මිලියන 111.4කින් පහත වැටී බැරල් මිලියන 743.3 ක් දක්වා අඩු වී ඇත. මෙය 1984 වසරෙන් පසු වාර්තා වූ අවම මට්ටම බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd