ඊශ්‍රායලය හා පලස්තීනය අතර පැවති  සටන්විරාමය  හමාස් රොකට් ප්‍රහාර හමුවේ  නැවත වරක්  බිඳ වැටීමෙන් අනතුරුව, නැවතත් ගාසා තීරයේ යුදමය වාතාවරණයක් උදාවී ඇත , පසුගියදා හමාස් සංවිධානයේ ප්‍රහාරයකින් සිවු හැවිරිදි ඊශ්‍රායල් දරුවකු මියගියේය. ඉන් අනතුරුව ඊශ්‍රායලය  ගාසා තීරයට එල්ලකරන ලද ගුවන් ප්‍රහාර දැඩි කළේය.   හමාස්  නායකයන් තිදෙනෙකුද මරණයට පත් වූ බව ඊශ්‍රායෙලය කියයි.

පසුගිය ඉරිදා ඊශ්‍රායලය විසින්  එල්ල කැරුණු ගුවන් ප්‍රහාරයකින් පලස්තීන පවුල් 32ක් වාසයකළ මහල් 11ක ගොඩනැගිල්ලක් තත්පර කීපයකදී බිමට සමතලාවී ගියේය. එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් 11දෙනෙකු ඇතුළු 22 ක් තුවාල ලදහ. එම ප්‍රහාරය පිළිබද මාධ්‍යට අදහස් දක්වා ඇති ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක සඳහන් කළේ  හමාස් සංවිධානය එම ගොඩනැගිල්ල තම මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කළ  නිසා එය තම ඉලක්කයට ලක්වූ බවයි.

පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 2080කට වැඩිපිරිසක් මියගොස් 10200කත ආසන්න පිරිසක් තවාල ලදහ.

( ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ල බිමට සමතලාවන අන්දම මෙම වීඩියෝවෙන් දැක්වේ)