IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යුදෙව් මිසයිලය පලස්තීන මහලක් බිම දමයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පැවති  සටන්විරාමය  හමාස් රොකට් ප්‍රහාර හමුවේ  නැවත වරක්  බිඳ වැටීමෙන් අනතුරුව, නැවතත් ගාසා තීරයේ යුදමය වාතාවරණයක් උදාවී ඇත , පසුගියදා හමාස් සංවිධානයේ ප්‍රහාරයකින් සිවු හැවිරිදි ඊශ්‍රායල් දරුවකු මියගියේය. ඉන් අනතුරුව ඊශ්‍රායලය  ගාසා තීරයට එල්ලකරන ලද ගුවන් ප්‍රහාර දැඩි කළේය.   හමාස්  නායකයන් තිදෙනෙකුද මරණයට පත් වූ බව ඊශ්‍රායෙලය කියයි.

පසුගිය ඉරිදා ඊශ්‍රායලය විසින්  එල්ල කැරුණු ගුවන් ප්‍රහාරයකින් පලස්තීන පවුල් 32ක් වාසයකළ මහල් 11ක ගොඩනැගිල්ලක් තත්පර කීපයකදී බිමට සමතලාවී ගියේය. එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් 11දෙනෙකු ඇතුළු 22 ක් තුවාල ලදහ. එම ප්‍රහාරය පිළිබද මාධ්‍යට අදහස් දක්වා ඇති ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක සඳහන් කළේ  හමාස් සංවිධානය එම ගොඩනැගිල්ල තම මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කළ  නිසා එය තම ඉලක්කයට ලක්වූ බවයි.

පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 2080කට වැඩිපිරිසක් මියගොස් 10200කත ආසන්න පිරිසක් තවාල ලදහ.

( ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ල බිමට සමතලාවන අන්දම මෙම වීඩියෝවෙන් දැක්වේ)



අදහස් (0)

යුදෙව් මිසයිලය පලස්තීන මහලක් බිම දමයි

නුවන් Tuesday, 26 August 2014 07:01 PM

පලස්තීනයේ පොඩි දරුවන් ඉන්න තැන් වල, රෝහල් වල රොකට් සවිකරලා ඒවා හමාස් ත්‍රස්තයින් පත්තුකරන හැටි අපි වීඩියෝ වලින් දැකලා තියෙනවා. (නි)

:       0       0

ජයත් Wednesday, 27 August 2014 12:43 PM

කුඩා දරුවෝ මැරෙනවා මිනිස්සු මැරෙනවා පව් නමුත් මේ ඉල්ලගෙන නේ කන්නේ කොටින්ට ආවඩපු එක්තරා ජාත්‍යන්තර නාලිකා වකුත් මේ දවස්වල ගලෙන් පහරපු බළලාගේ තත්වයට පත්වෙලා දැක්කේ නැද්ද ?(අ)

:       0       0

සුපුන් Tuesday, 26 August 2014 08:17 PM

පලස්තීන වැසියනේ, ඔයාලට අවංකවම ඔය තත්වයෙන් මිදෙන්න ඕන නම් තමන් අතරේ ඉඳගෙන ඊශ්‍රායලයට රොකට් අරින අයට පළමුව පහරදෙන්න ඕනෑ. ඔයාලා එහෙම නොකරන තාක්කල් ඔයාලගෙ අවංකකම ප්‍රශ්නයක්. (නි)

:       0       0

රනිල් Tuesday, 26 August 2014 08:17 PM

අපේ රටේ උතුරේ කොටින්ගේ සටන් ක්‍රමවලත් අපි මේ දේ දැක්කා.මේවා ත්‍රස්තවාදීන්ගේ සටන් කිරීමේ උපක්‍රම. (නි)

:       0       0

ශීලා Wednesday, 27 August 2014 01:54 AM

දෙන එක දෙන්න ඕනෑ මතක හිටින්න (නි)

:       0       0

මල්ලි Tuesday, 26 August 2014 01:33 PM

ඊශ්‍රායලයට ජය වේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site