ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ පවතින එදිරිවාදිකම් මුල්කොට ගනිමින් මැදපෙරදිග කලාපයේ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.

ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ පමණක් නොව, ඊශ්‍රායලයත් ලෙබනනයත් අතරේ ද මේ වනවිට යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ, ගාසා හමාස් නායක ඉස්මායිල් හානියේ, ඉරානයේ දී ඝාතනය කිරීමට ඊශ්‍රායලය කටයුතු කළ බැවිනි.

(එන්.ඩී.ටීවි.)