ඊශ්‍රායෙලය හා ගාසා තීරය අතර නිරන්තරයෙන් සිදුවන රොකට් හුවමාරුව උඩුගුවනට දිස්වන ආකාරය ඡායාරූප ගත කර අන්තර්ජාලයට එක් කිරීමට අන්තර්ජාතික අභ්‍යාවකාශයේ සිටින අභ්‍යාවකාශ ගාමියෙකු වන ඇලෙක්සැන්ඩර් ග්රෙට් කටයුතු කර තිබේ.

පොළොවේ සිට සැතපුම් 200 කට ඉහළින් ස්ථාන ගත කර ඇති අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ගෙන ඇති මෙම ඡායාරූප  දෙපාර්ශවය අතර රොකට් හුවමාරු වන ආකාරය හොඳින් දැක ගත හැකිය. තද පාටින් දිස්වන ප්‍රදේශයන් ජනගහණය වැඩිම හා වැඩියයෙන්ම රොකට් ප්‍රහාර එල්ල වන ප්‍රදේශයන් යැයි ඔහු තම ඡායාරූපයන් විස්තර කර ඇත.

‘මා ගත් දුක්බරම ඡායාරූප‘ යැයි ඔහු ඒවා හඳුන්වාදී ඇත.

කෙසේනමුත් නාසා ආයතනය පවසන්නේ මෙම ඡායාරූප වල වලංගු භාවය තවමත් සහතික කර නොමැති බවයි.

මින් පෙර අවස්ථාවකදී ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය උඩු ගුවනේ සිට ඡායාරූප ගත කිරීමට එවක අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි අභ්‍යාවකාශගාමියෝ සමත්වූහ.

එම ඡායාරූපයන්ගේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුළුනු වලින් දුම්වලා නගින අයුරු හොඳින් සටහන්ව තිබුණි.

ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම තවත් මානයකට ගෙනයමින් වෙනත් රටවල පලස්තීන හිතවාදී කණ්ඩායම් එම රටවල සිටින යුදෙව් ජාතිකයින්ට හිරිහැර වන අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිටින්නේයැයි වාර්තා වේ.

ප්‍රචණ්ඩක්‍රියා වැඩිම ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙන්ය.ජර්මනියේද ඊශ්‍රායෙලය හා ගාසා තීරය අතර ගැටුම මුල් කරගනිමින් යුදෙව්වන්ට එරෙහිව ඇතැම් කණ්ඩායම් හා පුද්ගලයින් කි්‍රයාකාරීව සිටින්නේයැයි සදහන්ය.

ජාතිය මුල්කරගෙන සිදුවන කවර ආකාරයක හෝ ප්‍රචණඩ කි්‍රයා වලට හවුල් වන්නන්ට දැඩි ද~ුවම් පමුණුවන බව ජර්මන් බළධාරීහු නිවේදනය කර ඇත.

ප්‍රංශ ජනපති ෆ්‍රාන්කොයිස් හොලන්ඩේද එරට මුස්ලිම් හා යුදෙව් නායකයින් හමුවී යුදෙව්වන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ කි්‍රයා සම්බන්ධයෙන් ප්‍රංශය දැඩි අවධානයෙන් සිටිනබව පවසා තිබේ.

යුදෙව් ජාතිකයින්ට අයත් ව්‍යාපාර ස්ථාන වලට ගිනි තබමින්,අලාබ භානි සිදුකරමින්,මාර්ගයේ ගමන් කළ යුදෙව් ජාතිකයින්ට හිරිහැර කරමින් කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෝ කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලිසිය කටයුතු කර තිබේ.

ප්‍රංශයේ යුදෙව් ජාතිකයෝ ලක්ෂ 5 ක් පමණ සිටින අතර ජර්මනියේ ලක්ෂ 2 ක් පමණ සිටිති.

මේ අතර ඕස්ටි්‍රයාවේ පාපන්දු තරගයකට සහභාගීව සිටි ඊශ්‍රායෙල පාපන්දු කණ්ඩායමේ කි්‍රීඩකයින්ට ප්‍රේක්ෂකාගාරයේ සිට පිටියට කඩා වැදුණු පුද්ගලයෝ පිරිසක් පහර දුන්හ.

ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුන්ගෙන් ගැලවීමට ඊශ්‍රායෙල කී්‍රඩකයෝ සමත් වූහ.ප්‍රහාරකයෝ අත්අඩංගුවට ගන්නා ලදහ.

පසුව පණිවිඩයක් නිකුත් කර තිබුණු ඊශ්‍රායෙල පාපන්දු කණ්ඩායම සදහන් කර තිබුණේ මේ ප්‍රහාරය සිදුවූයේ පාපන්දු නිසා නොව තමන් ඊශ්‍රායෙල ජාතිකයින් නිසා බවයි.

සියලූදෙනාට එක්ව ජීවත්වීමට ඇති අයිතිය තමන් පිළිගන්නේයැයිද,ප්‍රචණ්ඩත්වයට තමන් කිසිලෙසක අනුබල නොදෙන්නේයැයිද එහි වැඩිදුරටත් සඳහන් විය.

1406031650030_wps_3_Rioters_face_riot_police_ article-2704028-1FEF4FD600000578-144_964x615