
යුක්රේන යුද්ධය වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් බැගෑපත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
පාප්තුමන් මෙසේ පැවැසුවේ වතිකානයේ ශාන්ත පීටර් චතුරස්‍රයේ දේව මෙහෙය අතරතුරේදීය.
යුක්රේන යුද්ධය වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම පාප්තුමන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් සෘජුව ඉල්ලීමක් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
රුසියන් හමුදා විසින් යුක්රේනයේ අත්පත් කරගනු ලැබූ පළාත් 4 රුසියාවට ඈඳා ගැනීමට ජනාධිපති පුටින් පියවර ගැනීම සම්බන්ධයෙන් ද පාප්තුමන් සිය කනස්සල්ල පළ කළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd