IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යුද්ධය නවත්වන්න මෝදිට පුළුවන්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට බලය ඇතැයි ධවල මන්දිර ප්‍රකාශක කැරීන් ජෝන් පියේ මාධ්‍ය හමුවේ පවසා ඇත. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ සමීපත මිතුරකු පමණක් නොව, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේ ද සමීපතම මිතුරෙකි. මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවේ මොස්කව් අගනුවර නිල සංචාරයක නියැලෙයි. ඒ, ඉන්දු රුසියා ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කෙරෙහි රුසියන් ජනාපධිති පුටින්ගේ ලොකු ගෞරවයක් ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවට බල කිරීමට මෝදිට හැකි බවත්, ධවල මන්දිර ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

මොස්කව් සංචාරයේදී  රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, රුසියන් ජනාධිපතිවරයාට අවධාරණය කළේ රුසියන් යුක්රේන අර්බුදයට යුද පිටියේ විසඳුම් නැති බවය.

ඉන්දීයානුවන් රුසියන් හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් මෝදි සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ පුටින් අවධාරණය කළේ රුසියන් හමුදාවට එක් වුණු ඉන්දියානුවන් සියලු දෙනා හමුදාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, අලුතින් ඉන්දියානුවන් බඳවා ගැනීමක් සිදු නොකරන බවත්ය.



අදහස් (0)

යුද්ධය නවත්වන්න මෝදිට පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site