“යුද්ධය අවශ්‍ය හෝ නියත දෙයක් නෙවෙයි. එය තෝරාගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. බැහැර කිරීම පිළිබඳ තෝරාගැනීමක්, වෙනස්කම් කිරීම, නොසළකා හැරීම හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ තෝරාගැනීමක්” යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුතරෙස් මහතා පැවැසීය. 

ආණ්ඩු හා ඔවුන්ගේ පුරවැසියන් අතර විශ්වාසය ගොඩනැගීමෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර විශ්වාසය ගොඩනැගීමෙන් අපට ගැටුම් ඇතිවීම වැළැක්විය හැකි බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කීවේය.

“සාමය ද නියත දෙයක් නෙවෙයි. සාමය යනු දුෂ්කර තීරණ රැසක ප්‍රතිඵලයක්. මහන්සිය, කැපවීම හා එකමුතුකමේ ප්‍රතිඵලයක්. අපි කිසිදු අවස්ථාවකදී එය සුළු කොට තැකිය යුතු නැහැ. එහෙත් සෑම රටක්ම ඊට අගයක් දිය යුතුයි. සාමය ඇති කිරීමට වෙහෙස මහන්සි විය යුතුයි. සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි” යැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුතරෙස් මහතා පැවැසීය. 

0120antonioguterres02