තායිලන්තයේ කාඕ යායි ජාතික වනෝද්‍යානයේ මෝපෙඩ් යතුරුපැදියකින් ගමන් කළ තරුණයෙක් වල් අලි රංචුවකට අසුවී දිවි බේරාගත්තේය.
අලි රංචුව වලිග උස්සාගෙන ඔහුට පහර දෙන්නට සැරසෙද්දී ඔහු යතුරුපැදිය දමා කැලයට දිව්වේය. පසුව වියරු වැටුණු අලින් සමීපයට ආ එම පුද්ගලයා අලි ඉදිරියේ වැඳ වැටුණේය. යතුරුපැදිවල හඬට මෙම වනෝද්‍යානයේ අලි ඇතුන් අකමැති බව මේ සිද්ධියෙන් පෙනෙතියි පරිසරවේදීහු කියති.
කාරයක ඩෑෂ් බෝඩයේ සවිකර තිබූ කැමරාවකින් මේ පින්තූර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදිකරු අලි රංචුවට වැඳ පණ බේරාගනියි
ෆර්සාන් Thursday, 22 October 2015 08:12 PM
වඳින්න වඳින්න ගහන කෙනා මෝඩයා කියන නිසා වෙන්න ඇති. දේශපාලන අලි වගේ නෙවෙයි. වල් අලි මෝඩවෙන්න කැමති නෑ.(රේ්)
චම්පි Thursday, 22 October 2015 03:10 AM
ඇඟ හිරිවැටෙනවා දැක්කහම (නි)
පිටිගල මිලානෝ Wednesday, 21 October 2015 02:42 PM
මතු භවයක දළදා කරඬුව වඩම්මා, අති උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබා සසර කෙලවර කරන්න පෙරුම් පුරන හස්ති රාජයෙක්. දෙදෙනාගේම පෙර පින් බලවලින් ඝාතක සහ ඝාතනය වීම වැලකුනා.(හේ)
දමයන්ති Thursday, 22 October 2015 10:11 AM
පුදුම වාසනාවක් (අ)
චතු Wednesday, 21 October 2015 04:05 PM
මේක විශ්වාස කරන්න බැහැ. (බ)
චමිල Wednesday, 21 October 2015 04:08 PM
ඒ මනුස්සයගේ ජිවිතේ බේරුනේ දුවපු නැති නිසා , පැටව් හිටපු අලි රංචුවක් නිසා .තර්ජනය කළා මිසක් පහරදීමක් කළේ නැහැ (බ)
උදය Thursday, 22 October 2015 10:53 AM
ලංකාවේ අලින්ට වගේ ජීවන අරගල ප්‍රශ්න නැතුව වගේ මේ අලින්ට. බලන්න අලින්ගේ ලස්සන හොඳ මහතාට ඉන්නේ.ලංකාවේ අලින් වැඩි දෙනෙක් කෙට්ටුයි මේ ගොල්ලොත් එක්ක බලත්දී (අ)
අමිල Wednesday, 21 October 2015 04:14 PM
පිටිගල හිතන් ඉන්නේ ලෝකේ ඉන්න ඔක්කොම අලි බෞද්ධයෝ කියලා (බ)
දුමින්ද Thursday, 22 October 2015 05:47 AM
ගුණගරුක අලි (ම)
පිටබදර ජයා Thursday, 22 October 2015 11:54 AM
ඇත්තටම මේක නම් ආශ්චර්යක් , (ම)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 25 October 2015 12:17 PM
උදය..... ලංකාවෙත් අලි හිටිය අවුරුදු විසි ගානක් වහැරිලා කරකියාගන්න දෙයක් නැතුව ...කව්රුහරි..... අර මංගල... කිව්වා වගේ අතක් පෙන්නුවට පස්සේ අතේ පිහිටෙන් ...අලියා ගොඩ ගියා ....බලන්නකෝ ඉදිරියට අපේ(ලංකාවේ) අලිත් හොදට ලස්සනට ඉඳීවි...(බ)
ධම්මික Thursday, 22 October 2015 06:05 AM
මෙහෙ අලි වගේ නෙමෙයි වැටුණාම පහර වෙන්නේ නැහැ (ම)
මංගල Friday, 23 October 2015 04:37 AM
අලියෙකුට කොටු වුණොත් වෙන කරගන්නම දෙයක් නැත්නම් අලියා පැත්තට හැරිලා අල්ල අලියට පෙනෙන විදියට අත උස්සලා (නයාගේ පෙනේ වගේ) "අලියා අලියා අලියා ...." කියලා සද්දෙට කෑ ගහන්න ... එතකොට අලියා බයවෙනවා. ඒත් මේවා කරන්න ගිහින් අලියාගෙන් ගුටි කාලා අපිට බනින්න එපා.කර කියාගන්නම දෙයක් නැත්නම් තමා මෙහෙම කරන්නේ ... (නි)
ඉරන්ත Wednesday, 21 October 2015 07:17 PM
අලියාට අනුකම්පා හිතෙන්න ඇති (නි)
සුපුන් Wednesday, 21 October 2015 07:58 PM
සත්ව විද්‍යාව, චර්යා රටා ගැන අවබෝධයක් තියන අයට මේ අලි පහරදුන්නේ නැත්තේ මොකද කියලා අපිට නම් හිතාගන්න පුළුවන් (නි)
නවරත්න Wednesday, 21 October 2015 08:08 PM
අලියා කියන්නේ බොහොම නුවණක්කාර සතෙක් (නි)
ලංකාසිරි Thursday, 22 October 2015 07:17 AM
අමිල, තායිලන්තය කියන්නේ හොඳ බෞද්ධ රටක්. (නි)
ශෂී Friday, 23 October 2015 05:28 AM
මේකට පස්සේ දර්ශනයක් තිබුනද දන්නේ නැහැ. (බ)
සොයිසා Thursday, 22 October 2015 08:12 AM
අපේ අලි නම් මොනවා කරයිද? (නි)
නයන Wednesday, 21 October 2015 01:25 PM
මේක නම් ප්‍රාතිහාර්යයක් (නි)
විපුුල් Thursday, 22 October 2015 02:47 AM
මටනම් පේන විදියට මේ බය්සිකලේ වැටුනට ස්ටාර්ට් එකේ තමය් තියෙන්න ඇත්තේ ඒ සද්දට තමය් අලි ටික ලඟට එන්නේ නැත්තේ , හොඳට බලන්න 3 වන පින්තුරේ, (රේ්)