තායිලන්තයේ කාඕ යායි ජාතික වනෝද්‍යානයේ මෝපෙඩ් යතුරුපැදියකින් ගමන් කළ තරුණයෙක් වල් අලි රංචුවකට අසුවී දිවි බේරාගත්තේය.
අලි රංචුව වලිග උස්සාගෙන ඔහුට පහර දෙන්නට සැරසෙද්දී ඔහු යතුරුපැදිය දමා කැලයට දිව්වේය. පසුව වියරු වැටුණු අලින් සමීපයට ආ එම පුද්ගලයා අලි ඉදිරියේ වැඳ වැටුණේය. යතුරුපැදිවල හඬට මෙම වනෝද්‍යානයේ අලි ඇතුන් අකමැති බව මේ සිද්ධියෙන් පෙනෙතියි පරිසරවේදීහු කියති.
කාරයක ඩෑෂ් බෝඩයේ සවිකර තිබූ කැමරාවකින් මේ පින්තූර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳින්න වඳින්න ගහන කෙනා මෝඩයා කියන නිසා වෙන්න ඇති. දේශපාලන අලි වගේ නෙවෙයි. වල් අලි මෝඩවෙන්න කැමති නෑ.(රේ්)
ඇඟ හිරිවැටෙනවා දැක්කහම (නි)
මතු භවයක දළදා කරඬුව වඩම්මා, අති උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබා සසර කෙලවර කරන්න පෙරුම් පුරන හස්ති රාජයෙක්. දෙදෙනාගේම පෙර පින් බලවලින් ඝාතක සහ ඝාතනය වීම වැලකුනා.(හේ)
පුදුම වාසනාවක් (අ)
මේක විශ්වාස කරන්න බැහැ. (බ)
ඒ මනුස්සයගේ ජිවිතේ බේරුනේ දුවපු නැති නිසා , පැටව් හිටපු අලි රංචුවක් නිසා .තර්ජනය කළා මිසක් පහරදීමක් කළේ නැහැ (බ)
ලංකාවේ අලින්ට වගේ ජීවන අරගල ප්‍රශ්න නැතුව වගේ මේ අලින්ට. බලන්න අලින්ගේ ලස්සන හොඳ මහතාට ඉන්නේ.ලංකාවේ අලින් වැඩි දෙනෙක් කෙට්ටුයි මේ ගොල්ලොත් එක්ක බලත්දී (අ)
පිටිගල හිතන් ඉන්නේ ලෝකේ ඉන්න ඔක්කොම අලි බෞද්ධයෝ කියලා (බ)
ගුණගරුක අලි (ම)
ඇත්තටම මේක නම් ආශ්චර්යක් , (ම)
උදය..... ලංකාවෙත් අලි හිටිය අවුරුදු විසි ගානක් වහැරිලා කරකියාගන්න දෙයක් නැතුව ...කව්රුහරි..... අර මංගල... කිව්වා වගේ අතක් පෙන්නුවට පස්සේ අතේ පිහිටෙන් ...අලියා ගොඩ ගියා ....බලන්නකෝ ඉදිරියට අපේ(ලංකාවේ) අලිත් හොදට ලස්සනට ඉඳීවි...(බ)
මෙහෙ අලි වගේ නෙමෙයි වැටුණාම පහර වෙන්නේ නැහැ (ම)
අලියෙකුට කොටු වුණොත් වෙන කරගන්නම දෙයක් නැත්නම් අලියා පැත්තට හැරිලා අල්ල අලියට පෙනෙන විදියට අත උස්සලා (නයාගේ පෙනේ වගේ) "අලියා අලියා අලියා ...." කියලා සද්දෙට කෑ ගහන්න ... එතකොට අලියා බයවෙනවා. ඒත් මේවා කරන්න ගිහින් අලියාගෙන් ගුටි කාලා අපිට බනින්න එපා.කර කියාගන්නම දෙයක් නැත්නම් තමා මෙහෙම කරන්නේ ... (නි)
අලියාට අනුකම්පා හිතෙන්න ඇති (නි)
සත්ව විද්‍යාව, චර්යා රටා ගැන අවබෝධයක් තියන අයට මේ අලි පහරදුන්නේ නැත්තේ මොකද කියලා අපිට නම් හිතාගන්න පුළුවන් (නි)
අලියා කියන්නේ බොහොම නුවණක්කාර සතෙක් (නි)
අමිල, තායිලන්තය කියන්නේ හොඳ බෞද්ධ රටක්. (නි)
මේකට පස්සේ දර්ශනයක් තිබුනද දන්නේ නැහැ. (බ)
අපේ අලි නම් මොනවා කරයිද? (නි)
මේක නම් ප්‍රාතිහාර්යයක් (නි)
මටනම් පේන විදියට මේ බය්සිකලේ වැටුනට ස්ටාර්ට් එකේ තමය් තියෙන්න ඇත්තේ ඒ සද්දට තමය් අලි ටික ලඟට එන්නේ නැත්තේ , හොඳට බලන්න 3 වන පින්තුරේ, (රේ්)