මෝසුල් නගරයේ සිටින සියලුම අයි එස් ත්‍රස්තවාදීන් ට යටත් වෙන ලෙස ඉරාක අගමැති හයිඩර් අල්-අබාධි අනතුරු අඟවයි.
“ඔවුන්ට වෙන විකල්පයක් නැහැ.තියෙන්නේ විකල්ප දෙකයි.යටත් වෙන්න නැත්නම් මැරෙන්න“යැයි මාධ්‍ය හමුවකදී ඔහු කීය. මේ අවස්ථාවට ඔහු හමුදා ඇඳුමින් පැමිණ සිටියේය. ඔහු එරට හමුදාවේ අණ දෙන නිලධාරියා ලෙසද කටයුතු කරයි.
ඉරාක රජයේ හමුදා මොසුල් හී ත්‍රස්ත කඳවුරට කිලෝමීටරයක් පමණ දුරින් ප්‍රහාර එල්ල කිරීමට සුදානමින් සිටින බවත් නගරයට නැගෙනහිර දෙසින් සහ දකුණු දෙසින් හමුදා ඇතුළු වීමට නියමිත බවත් හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාදිපති තුමා වගේ කෙලින් වැඩ කරන එඩිතර කෙනෙක්. (ම)
මට අපේ රටේ යුද්ධය නිමාකළ ආකාරය මතක්වෙනවා (නි)
ජය වේවා .....!
අන්න නියම කෙළින් වැඩකරන මිනිස්සු (නි)
අපේ රටේ කෙළින්ද වැඩ කෙරෙන්නේ සිරිල්? මොකට කියනවද එ් ගැන නම් (නි)